gossiplanka alexa මෛත්‍රී - මහින්ද ඝාතන කරන්න සැලසුම් හැදූ ඉන්දියානුවාට මානසික රෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෛත්‍රී - මහින්ද ඝාතන කරන්න සැලසුම් හැදූ ඉන්දියානුවාට මානසික රෝගයක්

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිසක් ඝාතනය කිරීමට සැළසුම් සකස් කළ බව කියන ඉන්දීය ජාතික පුද්ගලයෙකු පසුගියදා දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ නිවසේදී අත්අඩංගුවට පත්වුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම ඝාතන සැලසුම් පිළිබඳ ඔහුගෙන් තොරතුරු වාර්තා වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු  වාර්තා කර තිබුණා.

කෙසේ නමුත් මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර සිටි අතර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ ඔහු 2000 වසරේ සිට මානසික රෝගයකින් පෙළෙන බව අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කළ තොරතුරු සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ලැබුණු සීමිත තොරතුරු  පදනම් කරගනිමින් ඔහු පිළිබඳව කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇති බවයි.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම තොරතුරු ශ්‍රී ලංකාවේ අදාළ අංශ වෙත ලබාදුන් බවත්, ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් සිදුකරන විධිමත් පරීක්ෂණ සඳහා සහාය දක්වන බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu