gossiplanka alexa ප්‍රශ්ණ පත්‍ර වෙනස් වෙයි - ලබන මැයි 01දා සිට ලයිසන් ගන්න අලුත් ක්‍රමයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රශ්ණ පත්‍ර වෙනස් වෙයි - ලබන මැයි 01දා සිට ලයිසන් ගන්න අලුත් ක්‍රමයක්



ප්‍රශ්ණ පත්‍ර වෙනස් වෙයි -
ලබන මැයි 01වනදා සිට 
ලයිසන් ගන්න අලුත් ක්‍රමයක් 

මෝටර් රථ පනතට අනුව රියෑදුරු බලපත්‍රයක්‌ ලබා ගැනීමේදී මෙතෙක්‌ ක්‍රියාත්මක කර තිබෙන ලිඛිත පරීක්‌ෂණය වෙනුවට ලබන මස (මැයි) 01 වැනිදා සිට පරිගණකයකින් ලබාදෙන ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමේ ක්‍රමවේදයක්‌ හඳුන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය. මෙහිදී පරිගණකයෙන් ලබාදෙන ප්‍රශ්න පත්‍රයට නිවැරදි පිළිතුරු පරිගණකය ආධාරයෙන්ම  සැපයිය යුතු වේ. පැයක්‌ ඇතුළත පිළිතුරු සැපයූ අයෑදුම්කරුට එම අවස්‌ථාවේම ප්‍රතිඵල වාර්තාවක්‌ පරිගණකයෙන් නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුවේ පසුගිය (09දා) පැවැති මාධ්‍ය හමුවකදී කොමසාරිස්‌ ජෙනරාල්වරයා කියා සිටියේය.

මේ වනවිට වැඩ කරන දින පහ ඇතුළත එක්‌ දිනකදී අයෑදුම්කරුවන් 600 ක්‌ පමණ ලිඛිත පරීක්‌ෂණයට ඉදිරිපත් වන බවත් එය පරිගණක ඇසුරින් සිදු කිරීමේදී දිනකට 1000 කට පමණ සේවාවන් සැපයීමට අපේක්‌ෂා කර ඇති බවත් හෙතෙම කීය. නව ක්‍රමය අනුව අපේක්‌ෂකයාට හැකි වේලාවක (වැඩ කරන) පැමිණ පිළිතුර ලබාදීමට හැකි වේ.  ලිඛිත පරීක්‌ෂණයට යොදා ගන්නා ප්‍රශ්න පත්‍ර 4 ම ඇතුළත් ප්‍රශ්න පත්‍ර පරිගණකයට පිළිතුරු සැපයීමට සඳහා මේ වනවිට අඩංගු කර තිබෙන බවත් නව ප්‍රශ්න පත්‍රයක්‌ හඳුන්වා දීමට රියෑදුරු පාසල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම කීය.

වේරහැර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ කාර්යාලයේ මෙහි ප්‍රථම පියවර ආරම්භ කර දෙවැනි පියවර ලෙස දිවයින පුරා පිහිටා ඇති ඔන් ලයින් සේවාව සහිත කුරුණෑගල, ගම්පහ, හම්බන්තොට, අනුරාධපුර ඇතුළු කාර්යාල 08 තුළ මෙය ආරම්භ කරන බවද ඒ මහතා පැවසීය. මෙම ව්‍යාපෘතිය 2020 වනවිට මුළු දිවයිනම ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපේක්‌ෂා කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu