Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News


අත්අඩංගුව ගත් මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් ගැන
බිරිඳ කියන කථාව  - VIDEO

පසුගියදා මහනුවර සිදුවූ ජාතිවාදී කලබල ඇති කිරීමට මූලිකවූ බව පවසමින් අත්අඩංගුවට පත්වූ මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහගේ බිරිය ජයංගනී සිතුම් කුමාරි ඊයේ තමන්ගේ සැමියා නිර්දෝෂී බව කියමින් මානව හිමිකම් පැමිණිල්ලක් ගොනු කර තිබේ.
ඇය  මානව හිමිකම් කොමිෂන් සභාවේදීමාධ්‍යයට මෙසේ කියා සිටියාය.

‘මගෙ මහත්තය මහසොහොන් බලකායෙ අමිත් වීරසිංහ මේ වෙනකොට ත‍්‍රස්තවාදී විමර්ෂණ ඒකකයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. කාටවත් හානියක් වෙන දේවල් එයා කවදාවත් කියලවත් කරලවත් නෑ. කඩවල් පල්ලි ගිනි තියන්න කියල සමාජය දැනුවත් කරල නෑ.
පැමිණිල්ලක් කළා මේ සම්බන්ධව පොලිසිය පැමිණිල්ල ලියා ගත්තෙ නෑ. නුවර ඩී.අයි.ජී. මහත්තය තමයි අමිත් වීරසිංහ ඔයා මේ වෙලාවෙ පොඩ්ඩක් මෙතනට එන්න කියල ප‍්‍රශ්නයට පැටලෙවුවෙ කියල මං තරයේ කියා සිටිනවා’

අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් ඒ පිළිබඳ ජාතිවාදී ආකල්ප සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කළ බවට චෝදනා යටතේ ප්‍රධාන සැකකරු අමිත් වීරසිංහ  සහායක සුරේද සුරවීර ඇතුළුව සැකකරුවන් 10 දෙනකු පසුගිය 8 වනදා අලුයම ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය දැනුම් දී ඇති අතර ඔවුන් දින 14 ක කාලයක් සඳහා රැඳවුම් භාරයේ තබා ඇත.

තවත් පුවත්

Gossip Lanka Side News