gossiplanka alexa කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය උඩු යටිකුරු කරන්න ට්‍රම්ප් සැරසෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය උඩු යටිකුරු කරන්න ට්‍රම්ප් සැරසෙයි


කොළඹ ඇමරිකානු 
තානාපති කාර්යාලය
උඩු යටිකුරු කරන්න 
ට්‍රම්ප් සැරසෙයි

ලබන ජුලි මස සිට  කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ පිළිවෙත මුළුමනින්ම වෙනස්‌ කරමින් ඇමරිකානු තානාපති අතුල් කේශාප් සහ දේශපාලන කටයුතු භාර නිලධාරියා ඇතුළු 40 ක පිරිසක්‌ මෙරටින් ඉවත් වීමේ සූදානමක් ඇතැයි ඉහළ පෙලේ ආරංචි මාර්ග පවසයි. මොවුන් ඉවත්වීමෙන් පසු කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ කටයුතුවලට පවත්වන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ අනුප්‍රාප්තිකයන් වේ.

මේ අනුව හිටපු ඇමරිකානු ජනපති බරක්‌ ඔබාමාගේ අනුගාමිකයාවූ අතුල් කෙශාප් ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වී යෑයි දියත් කළ මෙහෙයුම් නතර වේ. තමා මානව හිමිකම් වෙනුවට වෙළෙඳ කටයුතු සඳහා කටයුතු කරන බව ට්‍රම්ප් පවසා තිබෙන අතර එසේම ට්‍රම්ප්ගේ කණ්‌ඩායම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය භාර ගැනීමෙන් පසු කොළඹ රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදුන් අරමුදල් ද නතර වන බව වාර්තා වෙනවා.

ට්‍රම්ප්ගේ පාර්ශ්වයේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය භාර ගැනීම යනු මෙතෙක්‌ ශ්‍රී ලංකාව පිළිබඳ අනුගමනය කළ පිළිවෙත වෙනස්‌වීමක්‌ වේ.ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනාව ගෙන ආවේද ඔබාමාගේ රජයයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu