gossiplanka alexa එජාපය සහ ශ්‍රී.ල.නි.පය මහරගම බයිසිකලේට එරෙහිව උසාවියට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එජාපය සහ ශ්‍රී.ල.නි.පය මහරගම බයිසිකලේට එරෙහිව උසාවියට



පසුගිය පළාත් පාළන මැතිවරණයේදී මහරගම නගර සභාවේ නිල ප්‍රතිඵලය පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වුවා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පරදවා මෝටර් සයිකලය ලකුණින්  තේරී පත්වූ කණ්ඩායම ජයග්‍රහණය කිරීම ඊ්ට ප්‍රධානතම හේතුවක් බවට පත්වුණා. කෙසේ වෙතත්  එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව මහරගම බලය හිමිකරගත් ස්වාධීන කණ්ඩායමට  එරෙහිව අධිකරණය හමුවට යෑමට තීරණය කර තිබෙනවා.

නගර සභා සංශෝධන ආඥා පනත අනුව සියලුම අපේක්ෂකයන් අදාළ කොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවන් බවට තහවුරු කළ යුතු යැයි සඳහන් වගන්තියට පටහැනිව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු එම අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරෙහිව ඔවුන්  මෙම විරෝධතාව ගොනු කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට නාමයෝජනා ලබාදීමේදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විරෝධතාවද මැතිවරණ කොමසාරිස්වරයා විසින් නොසලකා හැර ඇතැයිද එම පැමිණිල්ලේ සඳහන් කර ඇති අතර  මෙම අපේක්ෂකයන් තිදෙනා මහරගම නගර සභා සීමාවේ පදිංචිකරුවන් බවට ග්‍රාමසේවා නිලධාරිවරයකු සහ විජේරාම කොට්ඨාසයේ සාමදාන විනිශ්චයකාරවරයකු සහතික කොට තහවුරු කර තිබෙනවා.

මේ පිළිබඳව නාමයෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමේදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විරෝධතාවද මැතිවරණ කොමසාරිස්වරයා විසින් නොසලකා හැර ඇති අතර  මෝටර් බයිසිකලය ලකුණින් තේරී පත්වූ අපේක්ෂකයන් එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටීමටද තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu