gossiplanka alexa හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහිව නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහිව නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරයි



හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මේ මස 15 වනදා දක්වා යලි දීර්ඝ කර තිබෙයි. ඒ මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න හමුවේ අද කැදවූ අවස්ථාවේදීය. ඒ අනුව මෙම පෙත්සම ලබන 15 වනදා විභාගයට ගැනීමටද ඊයේ (6දා) නියම කළා.

එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් කෝටි 3 ක මුදලක් අවභාවිත කළ බවට පොදු දේපළ පනත යටතේ  පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් පරික්ෂණ සිදු කරයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා එම පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්  පසුගිය 28 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබු අතර එය ඊට පසුදින සලකා බැලූණු අතර ඒ අනුව ඊයේ එනම් 6 වනදා  දක්වා බලපැවැත්වෙන පරිදි පොදු දේපළ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu