gossiplanka alexa අද සිට දුම්රිය නෑ - තීරණයෙත් වෙනසක් නෑ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද සිට දුම්රිය නෑ - තීරණයෙත් වෙනසක් නෑ


පසු ගිය දින (6දා) ශ්‍රේණි කිහිපයක දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වී වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සුදානම් වෙනවා. මේ සඳහා දුම්රිය එන්ජින් රියදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක සහ නියාමකවරුන් එක්වීමට තීරණය කර ඇත්තේ තම ගැටලූ සම්බන්ධයෙන් මෙතෙක් බලධාරීන් නිසි ප‍්‍රතිචාර නොදැක්වූ බවට චෝදනා කරමිනි.

ප‍්‍රවාහන අමාත්‍යාංශය විසින් මෙය පිළිගත හැකි කරුණු මත පදනම් නොවූ වර්ජනයක් බව පවසා තිබෙන අතර ගැටලුවලට විසඳුම් ලබාදී තිබියදීත් මෙවැනි වර්ජනයක් ආරම්භ කිරිම කිසිසේත්ම සාධාරණ නොවන බවයි එහි ලේකම් ජී.එස්. විතානගේ ප‍්‍රකාශ කරන්නේ.
පසුගිය ඔක්තෝබර් 20 වැනිදාද වෘත්තිය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වූ අතර බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබුනා.
එලෙසම ඔක්තෝබර් 11 වැනිදා රාත‍්‍රියේ හදිසියේ දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන්ද  දුම්රිය මගීන් දැඩි දුෂ්කරතාවකට පත්වුණා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu