gossiplanka alexa ටෙස්ට් දිනලා එක්දින තරඟ පැරදුනේ ගංගා මෑණියෝ නිසාද? - චන්දිමාල් කතා කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ටෙස්ට් දිනලා එක්දින තරඟ පැරදුනේ ගංගා මෑණියෝ නිසාද? - චන්දිමාල් කතා කරයි


ටෙස්ට් දිනලා එක්දින තරඟ පැරදුනේ ගංගා මෑණියෝ නිසාද?
චන්දිමාල් කතා කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ඊයේ පැවතී (31දා) මාධ්‍ය හමුවකදී ඔහු ටෙස්ට් තරඟ ජයග්‍රහණයකදී ආශිර්වාද ලබාගත් මෑණියන් ගැන මෙලෙස අදහස් දැක්වුවා.
“ඕනම ආගමකින් කරන්නේ මිනිසුන්ට ආශිර්වාද කරන එක. කිසිම ආගමකින් නරක දේකට අනුබල දෙන්නේ නැහැ. ගංගා මහත්මිය නෙමෙයි ස්වාමින් වහන්සේ කෙනෙක් හරි වෙන ඕනම ආගමක පූජකවරයෙක්, ස්වාමිවරයෙක් මට ආශිර්වාද කරනවානම්
ඒ ආශිර්වාදය ගන්න මම ලෑස්තියි. ආශිර්වාද ලබාගන්න එක එක් එක් පුද්ගලයා අදහන ආගම අනුව, එක් එක් පුද්ගලයාට අදාළ දෙයක්. මම හිතන්නේ අපි හැමෝටම ජීවිතයේ ආශිර්වාද ඕන. අපි ඕනම දේකට යනකොට ආශිර්වාද ලබාගන්නවා”

චන්දිමාල් මේ බව පැවසුවේ පාකිස්තානයට එරෙහිව ලැබූ ටෙස්ට් තරඟ ජයග්‍රහණයත් සමඟ මෙම තරඟාවලියට  ආශිර්වාද ලබාගත් මෑණියන් කෙනෙක් සම්බන්ධ කරමින් සමාජ මාධ්‍යයන්හි පළ වූ විවිධ වාර්තා පිළිබඳ අදහස් දක්වමිනි.

ටෙස්ට් තරගාවලිය ජයගන්නත්, එක්දින තරගාවලිය අසාර්ථක වෙන්නත් මෙම ආශිර්වාද බලපෑවාද යන්නැයි මෙහිදී මාධ්‍යෙව්දීන් චන්දිමාල්ගෙන් විමසා සිටියේය.

“එහෙම එකක් නැහැ. අපිට ආශිර්වාදයත් තියෙන්න ඕන, ඒ වගේම කණ්ඩායමේ සියලු දෙනාට දක්‍ෂතාවත් තියෙන්න ඕන. දක්‍ෂතාවක් නැතුව මොන ආශිර්වාදය තිබුණත් අපිට ඉස්සරහට යන්න බැහැ. ඒ වගේම දක්‍ෂතාව තිබුණත් ඔබ තමුන්නාන්සේලාගේ (මාධ්‍ය) ආශිර්වාද නැතිනම්, ඒත් ඉස්සරහට යන්න බැහැ. ඕක තමයි ඇත්ත තත්ත්වේ.
ඒ මහත්මිය මගේ මිත්‍රයෙක්ගේ අම්මා කෙනෙක්. මම ඇයව පුද්ගලිකව හඳුනනවා. උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ ගත් ඡායාරූපයක් පළවෙලා තිබුණේ. මාධ්‍යයට නිදහස ලබාදී තිබෙනවා ඕනම දෙයක් කියන්න. එය විවිධ ආකාරයට කියන්න පුළුවන්” යැයි පැවසීය.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu