gossiplanka alexa පෙම්වතිය ජනේලේ ගැට ගසා පෙම්වතා සියදිවි නසාගනී...!

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෙම්වතිය ජනේලේ ගැට ගසා පෙම්වතා සියදිවි නසාගනී...!



තරුණයකු විසින් සිය පෙම්වතිය ඇගේ නිවසේ ජනේලයක ගැටගසා ඇය ඉදිරියේම වස පානය කර සිය දිවි හානිකර ගෙන ඇති බව කොස්‌ගම පොලිසිය පවසයි.
මෙසේ දිවි නසාගෙන ඇත්තේ අවුරුදු 22ක අවිස්‌සාවේල්ල - කුඩාගම ප්‍රදේශයේ පදිංචි තරුණක් වන අතර පෙම්වතිය අවුරුදු 15 ක තරුණියක් වේ.

ඇය වෙනත් අයෙකු සමඟ සබඳතාවක්‌ ඇති කරගෙන තිබෙන බවට ලද තොරතුරකට අනුව මියගිය පෙම්වතා ඇගේ නිවසේ කිසිවකු නොමැති අවස්‌ථාවකදී පැමිණ ඇගෙන් ඒ පිළිබඳව විමසා ඇයව ජනේලයක ගැටගසා සිය දිවි හානි කරගෙන තිබෙයි.

අවිස්‌සාවේල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇති මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කිරීමට නියමිතව ඇත.

කොස්‌ගම පොලිසිය මේ පිලිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu