gossiplanka alexa නිධානයකින් ගොඩගත් විශාල නිල් මැණිකක් පොලිස් අත්අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිධානයකින් ගොඩගත් විශාල නිල් මැණිකක් පොලිස් අත්අඩංගුවට



නිධානයකින් ගොඩගත් විශාල නිල් මැණිකක් පොලිස් අත්අඩංගුවට
කිකිළි බිත්තරයක් තරම් විශාලයි

ගල් තලාවක තිබූ කුඩා විලක් සහිත ස්ථානයක තිබී ගොඩගනු ලැබූ නිල් පැහැති මැණික් ගලක් සමඟ එයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් පසුගිය 08 වනදා නවගත්තේගම විසින් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. නවගත්තේගම, රළපනාව, මහායාය රක්ෂිතයේ ගල් තලාවක තිබී මේ මැණික්ගල ගොඩගෙන ඇති අතර එහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නැත.

එම මැණික් ගලෙහි ප්‍රමාණය සාමාන්‍යයෙන් කිකිළි බිත්තරයක ප්‍රමාණයට සමාන බව පොලීසිය පවසයි.

මැණික් ගල තිබූ ස්ථානයේ නෙලුම් මලක හැඩයක් සහිත කවාකාර ශෛලමය කොටසක්ද හමු වී තිබෙන අතර මැණික් ගල තිබූ ස්ථානය එම ශෛලමය කොටසින් ආවරණ කර තිබූ බවද පොලීසිය සඳහන් කරයි.

අදාළ මැණික් ගල තිබූ ස්ථානය අඟල් 4ක් පමණ ගැඹුරැති අඟල් 8ක් පමණ විශ්කම්භයක් සහිත ස්ථානයක් වන අතර සැකකරුවන් අදාළ මැණික්ගල ගොඩගන්නවාත් සමඟම පොලීසිය විසින් රැකවල්ලා සිට අල්ලාගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා මාතර හා නිට්ටඹුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර පොලිසියට ලද තොරතුරකට අනුවයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. අදාළ මැණික් ගලෙහි වටිනාකම තක්සේරු කිරීම හා අනෙකුත් කටයුතු සඳහා පසුගිය 09 වනදා ස්වර්ණාභරණ අධිකාරිය වෙත රැගෙන ගිය අතර සැකකරුවන්ද එදිනම ආණමඩුව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu