Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

බන්ධනාගාරය තුළ උපවාසයක යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් එම උපවාසය නතර කරන ලෙස බන්ධනාගාර නිලධාරීන් ඉල්ලා සිටියත් ඔහු එම ඉල්ලීම තරයේම ප්‍රතික්‍ෂේප කර ඇති බව දැනගන්නට ලැබුනි.

මන්ත්‍රීවරයා මෙම උපවාසයේ යෙදී සිටියහොත් ඔහුගේ සෞඛ්‍ය තත්වය නරක අතට හැරීමට ඉඩ තිබෙන නිසා උපවාසය නතර කරන ලෙස ඔහුට දැනුම් දුන් බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිළධාරියෙක් පවසයි.

මෙම ප්‍රශ්නයට උපවාසය කිරීමෙන් විසඳුමක්‌ නොලැබෙන බවට බන්ධනාගාර නිලධාරීන් මන්ත්‍රීවරයාට කරුණු පහදා දුන්නත් ඔහු එය ප්‍රතික්‍ෂේප කළ බව ආරංචි මාර්ග පවසයි.

Gossip Lanka Side News