gossiplanka alexa සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ක්‍රියා නිසා ජනතාව අනතුරක, PHI සංගමය විරෝධතාවයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ගේ ක්‍රියා නිසා ජනතාව අනතුරක, PHI සංගමය විරෝධතාවයක

phi protest vaccineහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බස්නාහිර පළාතේ කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. බිම් මට්ටමේ සේවාවේ යෙදෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල අවදානමක  සිටියදී වෛද්‍ය වෘතිකයන්ගේ පවුල්වල සාමාජිකයින්ට පමණක් කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට සෞඛ්‍ය අංශ ගත් තීරණවලට විරෝධය පළ කරමින් ඔවුන් මෙම තීරණය ගත් බව සඳහන්.

ඊයේ දිනයේ දී කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව කොළඹ, ගම්පහ සහ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල ස්ථාන 22ක දී සිදු කල බවත් එහිදී වෛද්‍ය වෘතිකයින්ගේ නිවෙස්වල අයට පමණක් එන්නත ලබා දීමට කටයුතු කළ නිසා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසනවා. 

එසේ වෛද්‍ය වෘතිකයින්ගේ සාමාජිකයින්ට එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ගැටළුවක් නොමැති නමුත් ඒක පාර්ශවීය ලෙස සෞඛ්‍ය අංශ කටයුතු කිරීම නිසා මෙසේ විරෝධය පළ කරන බවත් ඒ මහතා වැඩි දුරටත් පවසනවා. 

ඒ අනුව අද උදෑසන 7.30 සිට සවස 4.30 දක්වා බස්නාහිර පළාතේ කොවිඩ් මර්දන රාජකාරීවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

සේවකයින් අතර මෙසේ පංතිභේදයක් ඇතිවන අයුරින් කටයුතු නොකරන ලෙස ඔවුන් සෞඛ්‍ය ආමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා. එවැනි ක්‍රියා සිදු කිරීමෙන් සෞඛ්‍ය සේවකයින් කොරෝනා මර්දන වැඩසටහනින් ඉවත් වුණහොත් ජනතාව විශාල අර්බුදයකට පත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. 

ඉදිරියේ දීත් අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ද එන්නත ලබා දීමට කටයුතු නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවිය හැකි බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu