gossiplanka alexa දියණියගේ නිරුවත් ඡායාරූප පියාගේ ගිණුම හිස් කරයි, ඔන්ලයින් ඉගෙනුමට දරුවන්ට ජංගම දුරකතන දෙන දෙමව්පියන් ඇසිය යුතුම කතාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දියණියගේ නිරුවත් ඡායාරූප පියාගේ ගිණුම හිස් කරයි, ඔන්ලයින් ඉගෙනුමට දරුවන්ට ජංගම දුරකතන දෙන දෙමව්පියන් ඇසිය යුතුම කතාවක්

නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කරමින් පෙම්වතිය බිය ගන්වා ඇයගේ උදව්වෙන් කෝටිපති පියාගේ ගිණුමෙන් මුදල් ලබා ගත් සිසුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. 
 
කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන මෙම පෙම්වතිය අවුරුදු 15ක සිසුවියක්. ඇයගේ යෙහෙළියට පෙම්වතෙකු සිටින නිසා ඇයට ද පෙම්වතෙක් සොයා ගන්නා ලෙස යෙහෙළිය පවසා තිබෙනවා. පසුවැම යෙහෙළිය ෆේස්බුක් හරහා ඇයට පෙම්වතෙක් සොයා දී ඇති බව පැවසෙනවා.

ෆේස්බුක් ඔස්සේ මුණගැසුණු පෙම්වතා සමඟ දිගින් දිගටම චැට් කරමින් ඇය සම්බන්ධතාවය ගොඩ නඟා ගෙන ඇත්තේ ඉන් පසුවයි. තම පෙම්වතා ගම්පහ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන්නෙකු බවයි ඇය දැන සිටියේ. 

සම්බන්ධතාව මෙසේ සිදු වෙද්දි ඇයගේ පෙම්වතා ඇය නැති අවස්ථාවල දී දකබලා ගැනීමට ඇගේ නිරුවත් ඡායාරූප ඔහු වෙත එවන ලෙස ඉල්ලා සිටිනවා. ඔහු ගැන විශ්වාශය තැබූ ඇය ඇයගේ නිරුවත් ඡායාරූප පෙම්වතාට යොමු කර තිබෙනවා.

කල් යත්ම තමාගේ පෙම්වතියගේ පියා කොටිපතියෙක් බව මෙම සිසුවෙකු දැනගනු ලබනවා. පසුව ඔහු පෙම්වතියට යෝජනා කර ඇත්තේ ඇයගේ පියාගේ ක්‍රෙඩිට් කාඩ් පතෙහි ඡායාරූපයක් ඔහුට එවන ලෙසයි.

මෙයින් බියට පත් සිසුවිය එම යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරද්දි ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින ලෙස තර්ජනය කර එසේ ක්‍රෙඩිඩ් කාඩ් පතෙහි ඡායාරූප එවන ලෙස දන්වා තිබෙනවා.

එයින් බියට පත් සිසුවිය පියා නින්දට ගිය විට පියාගේ ක්‍රෙඩිට් කාඩ් පතෙහි ඡායාරූපයක් ඔහුට යොමු කරනවා.

කාලය ගෙවි යද්දී ඇයගේ පියා දිනක් මුදල් අවශ්‍යතාවයකට තම ගිණුම පරීක්ෂා කරද්දී ඔහුට අනාවරණය වී ඇත්තේ දිනකට රුපියල් 10,000 බැඟින් තම ගිණුමෙන් දවස් 11කට රුපියල් එක්ලක්ෂ දහදාහක් අඩු වී ඇති බවයි.

මේ පිළිබඳව එම පියා බැංකුවෙන් කළ විමසීමක දී ඔහුට බැංකුවෙන් පවසා ඇත්තේ එම මුදල දිනපතා එක්තරා නාලිකාවක ගිණුමකට බැරවන බවයි. මෙයින් වික්ෂිප්ත වූ පියා එම නාලිකාවට ගොස් ඒ පිළිබඳව කළ විමසීමේ දී ඔවුන් පවසා ඇත්තේ ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන පරිගණක ක්‍රීඩාවකට දිනපතා ඔහුගේ ගිණුමෙන් මුදල් යොමු වන බවයි.

මේ පිළිබඳව දිගින් දිගටම පරීක්ෂා කිරීමේ දී පියාගේ සැකය යොමු වී ඇත්තේ තම දියණියටයි.පසුව ඔහු තම දියණියගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේ දී ඇයට පෙම්වතෙක් සිටින බවත් ඡායාරූප සම්බන්ධයෙන් ගැටළු මතු වී ඇති බවත් අනාවරණය කර ගෙන තිබෙනවා. 

ඔහු තම දියණිය ද ‍රැගෙන ගොස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ ඉන් පසුවයි. එහිදී දියණිය පවසා ඇත්තේ ෆේස්බුක් හරහා හඳුනාගත් ගම්පහ විද්‍යාලයක ඉගෙනුම ලබන තම පෙම්වතාගේ ඉල්ලීම මත ඇය තම පියාගේ ක්‍රෙඩිට් කාඩ් පතෙහි ඡායාරූප ඔහුට යොමු කළ බවයි.

පසුව මෙම සිද්ධියට සම්බන්ධ පහළොස් හැවිරිදි පෙම්වතා ද ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඔහු ෆේස්බුක් හරහා ගේම් සෙල්ලම් කිරීමට තදින් ඇබ්බැහි වූ අයෙකු බවයි. ඒ සඳහා ඔහු දිනකට රුපියල් 10,000ක් පමණ වැයකර තිබෙනවා. එම මුදල ඔහු උපයාගෙන ඇත්තේ තම පෙම්වතිගේ පියාගේ ගිණුමෙන්.

එම තරුණයාගේ පියා ද කැඳවා ප්‍රශ්න කිරීමේ දි හෙළි වී ඇත්තේ ඔවුන් ඉතා දුප්පත් බවත් තම පුතාට ජංගම දුරකතනය ණයවී හෝ අමාරුවෙන් හෝ මිලදී ගෙන ඇත්තේ ඔන්ලයින් ක්‍රමයට ඉගෙනුම් සිදු කිරීමට අවශ්‍ය නිසා බවත් ය. එසේම ඔහු ගම්පහ පාසලක නොව දුර පළාතක පිරිවෙනක අධ්‍යාපනය ලබන බවත් අනාවරණය වී තිබෙනවා.  

සැකකාර 15 හැවිරිදි සිසුවා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාසභාරයට යොමු කර ඇති අතර සිසුවිය මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කර තිබෙනවා.

සැකකාර සිසුවා ක්‍රෙඩි කාඩ් පත යොදා ගනිමින් මුදල් ලබා ගත් ආකාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා. 

 

 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu