gossiplanka alexa මහින්ද - ගෝඨා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන තොරතුරු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහින්ද - ගෝඨා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන තොරතුරු

''2006 වසරේ  දෙසැම්බර් පළමු වැනිදා තමයි පිත්තල හන්දියේ බෝම්බ පිපිරීම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් කොටි සංවිධානය විසින් සිදු කළේ. 
 
ඊට දිනකට හෝ දෙකකය පෙර රෑ 12ට විතර ඕස්ට්‍රේලියාවේ සිංහල සංවිධානයේ නියෝජිතයෙකුගෙන් මට දුරකතන ඇමතුමක් ලැබුණා''

මීට වසර 15කට පෙර එවකට ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට අරලිය ගහ මන්දිරය තුළ පැවති කුමන්ත්‍රණය ගැන හෙළි කරමින් දකුණු පළාතේ ව්‍යාපාරිකයෙකු වන නිහාල් ගුණසේකර මහතා ''මව්බිම'' පුවත්පතට එසේ කරුණු අනාවරණය කර තිබෙනවා.

තව දුරටත් එම කුමන්ත්‍රණය ගැන පවසන ඔහු, ඔහුට ඕස්ට්‍රේලියාවේ සිංහල සංවිධානයෙන් ලැබුණු දුරකතන ඇමතුම ගැන මෙසේ සඳහන් කළා.
 

''මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාවයි ඉලක්ක කර ගනිමින් අරලිය ගහ මන්දිරයේ බෝම්බ පිපිරීමක් සිදු කරන්න කොටි සංවිධානය සූදානම් වනවා.

''ඒ සේරම තොරතුරු අපි හොයා ගත්තා. අරලියගහ මන්දිරයට නිතරම යන ඉහළ පොලිස් නිලධාරියෙක් සම්බන්ධ කරගෙනයි මෙම ප්‍රහාරය සැලසුම් කරලා තියෙන්නේ. එම ඉහළ පොලිස් නිලධාරියාගේ බිරියගේ නැගණිය කොටි සංවිධානය විසින් අල්ලලා ඉවරයි. එම නැගණියට විශාල වශයෙන් මුදල් කොටි සංවිධානයෙන් ලබා දෙනවා. ඒ හරහා මෙම සැලැස්මට ඉහළ පොලිස් නිලධාරියාත් සම්බන්ධ කරගෙන තියෙන්නේ''

''මේ ගැන දැන්මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැනුවත් කරන්න. අපේ රට කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරාගන්න පුළුවන් නායකයින් අපි ‍රැකගන්න ඕනෑ. දැන්මම ක්‍රියාත්මක වෙන්න කියලා ඕස්ට්‍රේලියාවේ සිංහල සංවිධානයේ මිත්‍රයා මට කිව්වා''

ඉන්පසු නිහාල් ගුණසේකර මහතා ඔහුගේ සොහොයුරෙකු වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතාට ද මේ බව ඉක්මනින් දැනුම් දී තිබෙනවා.

එවිට අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා උදෑසන 5ට අවදි වූ පසුව මේ පිළිබඳව ඉක්මනින් දැනුම් දෙන බවයි,

උදෑසන 5.15 වන විට නිහාල් ගුණසේකර මහතා මහින්ද රාජපක්ෂ එවක ජනාධිපතිවරයාට ඇමතුමක් ලබා දෙන විටත් ඩිව් ගුණසේකර අමාත්‍යවරයා අරලියගහ මන්දිරයට ගොස් මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දී අවසන්.

''මේ ගැන තොරතුරු හොයාගෙන එදා හවස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට දුරකතනයෙන් කතා කරලා කිව්වා නිහාල් ඔයා කියපු තොරතුරු හරියට හරි. ඔයා දීපු තොරතුරු නිසා අපි බේරුණා කියලා''

''ඕස්ට්‍රේලියාවේ සිංහල සංවිධානය එදා ජාතික ආරක්ෂාව ගැන දැඩි අවධානයෙන් හිටපු සංවිධානයක්''නිහාල් ගුණසේකර මහතා වැඩ් දුරටත් එලෙස කියා සිටියා.


ආශ්‍රිත : ''මව්බිම'' පුවත්පත
 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu