gossiplanka alexa අප්‍රේල් 19 ශ්‍රී ලංකාවෙන් කොරෝනා සම්පුර්ණයෙන්ම තුරන් වන බවට මම කිව්වේ නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අප්‍රේල් 19 ශ්‍රී ලංකාවෙන් කොරෝනා සම්පුර්ණයෙන්ම තුරන් වන බවට මම කිව්වේ නැහැ

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය සම්බන්ධව කිසිඳු සංඛ්‍යා දත්තයක් වසන් කිරීමට රජයට අවශ්‍යතාවක් නොමැති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

මහනුවරදී අද (17) මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ.

එහිදී ඇය කියා සිටියේ රජයට කිසිඳු සංඛ්‍යා දත්තයක් වසන් කිරීමට අවශ්‍ය නොවන බවයි.

" රජයට තොරතුරු වසන් කරන්න උවමනාවක් නැහැ. වෛද්‍ය අංශ වලින් තමයි රෝගියෙක් මැරුණු හේතුව කියන්නේ. රජය මේ දේවල් සගවන්න ඕන නැහැ. ජනතාවට කියන්නේ කැස්ස, හෙබිරිස්සාව, උණ තියෙනවා නම් සෞඛ්‍ය අංශ දීපු උපදෙස් පිළිපදින්න කියලා අපි කියන්නේ.

එහිදී මාධ්‍යවේදියෙක් ඇමතිවරියගෙන් විමසා සිටියේ අප්‍රේල් 19 වනදා කොරෝනා සම්පුර්ණයෙන්ම අවසන් වන බවට සිදු කළ ප්‍රකාශයක් විපක්ෂය විසින් එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් විමසීමක් සිදු කළා.

"විපක්ෂය බොරු ප්‍රචාරයක් කරන්නේ. කිසිඳු අවස්ථාවක මම එහෙම කිව්වේ නැහැ. මම කිව්වේ රටේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා නම් රෝගය මර්ධනය කරන්න අපිට පුළුවන්."
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu