gossiplanka alexa ඉතාලියේ කොරෝනා වසංගතය උග්‍ර තත්ත්වයට, වයෝවෘද්ධ අය නොසලකා හැරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉතාලියේ කොරෝනා වසංගතය උග්‍ර තත්ත්වයට, වයෝවෘද්ධ අය නොසලකා හැරේ

corona italy
ප්‍රහාරක නෞකාවක රාජකාරි කරමින් සිටියදී අමෙරිකානු සෙබලෙක්ට  කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා. අමෙරිකානු ප්‍රහාරක නෞකාවක් වන USS Boxxer හී සේවයේ නියුතු නාවික සෙබළෙකුටයි. එරට නාවික හමුදාව නිවේදනය කර සිටින්නේ මෙම පුද්ගලයා සමග සේවය කළ හා සමීප සම්බන්ධකම් පැවැත්වූ සෙසු පිරිස් ඉක්මනින්ම හඳුනා ගෙන ඇති අතර ඔවුන්ව මෙ වන විට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි. අමෙරිකාවේ කොරෝනා රෝගීන් 3400 කට අධික කොරෝනා වෛරස් ආසාදිතයින් පිරිසක් වාර්තා වන අතර ඒ අතර අතර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 65ක් වනවා.

මේ වනවිට රටවල් 140 කටත් අධික ප‍්‍රමාණයක් පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස තවදුරටත් ලොවපුරා පැතිර යන තත්ත්වයක් උදා වී තිබෙනවා. එය ලොව රටවලින් 2/3කටත් වඩා වැඩි ප්‍රමාණයක්. 

වෛරසයේ වැඩිම බලපෑම මේ වනවිට ප්‍රබලව එල්ල වී ඇත්තේ යුරෝපා කලාපයටයි. එයිනුත් ඉතාලිය ප්‍රධාන වනවා.ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 368 ක්. ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1,809 ක්. ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව  24,747ක් වන බවයි බලධාරින් සඳහන් කරන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගයට පත්ව සිටින වයස්ගත පුද්ගලයින්ට ඉතාලියේ රෝහල් තුලදී ප්‍රතිකාර ලබාදීම සෙමින් සිදුවන බවට චොදනාවක් ද එල්ල වී තිබෙනවා.ඉතාලියේ රෝහල් වල දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබාදීම පවා වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කරන බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. 

මේ අනුව නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව  6,000 ඉක්මව ගිය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටින්නේ. 

සෞදි රජය නියෝග කර තිබෙන්නේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සුපිරි වෙළඳසැල්, ආපනශාලා, කෝපි හල් සහ පොදු උද්‍යාන වසා තබන ලෙසයි. ඒ අනුව අනුව ෆාමසී, ආහාර බෙදා හැරීමේ ස්ථාන සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අලෙවි කරන වෙළදසැල් පමණක් විවෘතව තැබීමටයි සෞදි රජය තීරණය කර තිබෙන්නේ. ආපන ශාලා සහ අවන්හල් තුළ පාරිභෝගිකයින්ට අහාර ලබා දීම ද තහනම් කර තිබෙනවා. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu