gossiplanka alexa කොරෝනා වෛරසය ආසාදිතදැයි කල්තියා දැනගන්න ක්‍රමයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය ආසාදිතදැයි කල්තියා දැනගන්න ක්‍රමයක්

කොරෝනා වෛරසය මිනිස් සිරුරට ඇතුල්වී එහි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14ක කාලයක් ගත වන බව වෛද්‍යවරු කියා සිටියත් පාචනය, වමනය සහ ආහාර අරුචිය වැනි ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන ගැටළු කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්‍ෂණ බව නවතම සොයා ගැනීමකින් හෙළි වී තිබෙනවා.  

චීනයේ වුහාන් නගරයේ රෝගීන් 204 දෙනෙක් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ ඉන් රෝගීන් 99 දෙනෙකුට (48.5%) ඉහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි.  ඉතිරි රෝගීන් 105 දෙනාගෙන්  85 දෙනෙකු සඳහන් කර ඇත්තේ තමන්ට පළමුව හුස්ම ගැනීමේ අපහසුවක් පෙන්නුම් කළ බවයි. අනෙක් රෝගීන් 20 දෙනාට එවැනි රෝග ලක්ෂණ මුලිකව පෙන්නුම් කර නොමැති බවයි පර්යේෂකයින් සඳහන් කර සිටින්නේ. 

රෝගයේ බරපතලකම වැඩිවීමත් සමඟ ආහාර ජීර්ණයේ ගැටළු පැන නැගෙන බවයි අධ්‍යනයේදී අනාවරණය වී තිබෙන්නේ. 

මුලික රෝග ලක්ෂණ ලෙස ආහාර ජීර්ණ ගැටළු සහිතව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් බහුතරයක් මුලික රෝග ලක්ෂණ ලෙස ශ්වසන ආබාධ ඇති බවට සඳහන් කළ රෝගීන්ට පෙර කොරෝනා වෛරසයෙන් සුවය ලබා ඇති බව පර්යේෂකයින් සඳහන් කර සිටිනවා. කොරෝනා වෛරසයේ මුලික රෝග ලක්ෂණයක් ලෙස ආහාර අරුචිය, පාචනය වැනි ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු ද පෙන්නුම් කිරීමේ බහුලතාවයක් පෙන්නුම් කර සිටින බව චීන පර්යේෂකයන් සඳහන් කර සිටිනවා. 

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රෝග විනිශ්චය කිරීමට මෙම අධ්‍යනය බෙහෙවින් උපකාරී වන බව කැලිෆෝනියා සරසවියේ මහාචාර්ය ඪ්ර් භ්‍රෙන්නන් Sපීගෙල් සඳහන් කර සිටිනවා. 

කොරෝනා වෛරසයට ගොදුරුවන පුද්ගලයින්ට මේ හේතුවෙන් කල් තියා ප්‍රතිකාර ලබා දිය හැකි බවත්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට ප්‍රමාද වන පුද්ගලයින් ගෙන් අන් අයට එය සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා ඔවුන්ව නිරෝධායනය ක්‍රියාවලියට යොමු කිරීමේ වාසියද මින් ලබා ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu