gossiplanka alexa ළමයින්ට යෝගට් දෙන්න කලින් ඔබ යෝගට් කන්න කලින් දෙවරක් සිතන්න, මේ ලිපිය කියවන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ළමයින්ට යෝගට් දෙන්න කලින් ඔබ යෝගට් කන්න කලින් දෙවරක් සිතන්න, මේ ලිපිය කියවන්න

දෙමව්පියන් ළමයින්ට දෙන්නෙ හොඳම දේ. ඒත් සමහ්රවිට මේ හොඳම දේ නරකට අතට  හැරෙන්නත් පුළුවන්. ළමයි රස කර කර කන යෝගට් ගැන සමාජ මාධ්‍ය ජාලා වල සැරිසරන මේ තොරතුර කාගෙත් අවධානයට යොමුව තිබෙනවා. එක් පුද්ගලයෙක් යෝගට් ගැන කියූ කතාවයි මේ.

"මේ ලඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා. එතනදි මට මුන ගැහුනා කිරි නිෂ්පාදන සමඟ ලොකු සම්බන්ධයක් තියෙන, ලොකු පලපුරුද්දක් තියෙන මහත්මයෙක්. ඔහු තමා ඒ කිරි නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා.  සෑහෙන පලපුරුද්දක් තියෙන කෙනෙක්. ඔහුත් එක්ක මමයි මගෙ යාලුවයි පැය 2ක් විතර කතා කලා ලංකාවේ යෝගට් ගැන. ඔහු කියපු දේවල් ඇහුවාම අපිට තරු වීසි උනා. ඒ නිසයි මේක ලියන්නම හිතුනේ.

යෝගට් සඳහා ප්‍රධානවශයෙන්ම යොදා ගන්නේ එළකිරි, මුහුන්, රසකාරක.  ඊට අමතරම පිටිකිරි ස්වල්ප වශයෙනුත්, කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යයත් එකතු කරනවා. ජෙලටින් වලින් තමා උකු ගතිය ගන්නෙ සමහර ආයතන. යෝගට් එකක් කනකොට දිවට දැනෙන්න ඕනෙ ඇඹුල් රසයක් මිසක් පැණි රසයක් නෙවෙයි. ඒත් සමහර ප්‍රසිද්ධ යෝගට් කනකොට සෑහෙන්න පැණි රසයි. ඒ වගේම ඝනයි..මම ඒකට හේතුව අර මහත්මයාගෙන් ඇහුවාම ඔහු දුන්න උත්තරේ මේන්න.

' යෝගට් වලට හොඳම එළකිරි ඕනෙ. ඒ එක්කම අර කලින් කිව්ව දේවලුත් සුළු වශයෙන් එකතු කරනවා. මිට අමතරම තනිකරම පිටිකිරිවලින් යෝගට් හදන සමාගම් ලංකාවේ තියෙනවා. එයාලා කරන්නේ ඒ යෝගට් වලට සීනි හා ජෙලටින් අධික ලෙස යොදන එක. ඒ යෝගට් හරි උකුයි, පැණි රසයි. හැන්දෙන් යෝගට් ගන්නකොටම තේරෙනවා උකුයි කියලා..ඊළගට ඒ යෝගට් කනකොට වෙනස දැනෙනවා දිවට. හොද යෝගට් එකක් ඇඹුල්. කනකොට දිවේ දියවෙනවා අර යෝගට් එක. ඒ හොද එළකිරි දාලා හරියට හදන යෝගට්. ඒත් අර ජෙලටින්, පිටිකිරි හා සීනි දාපුවා එහෙම නෑ. ඒවා අධික පැණි රසයි. ඝනයි. ඒකනිසා පොඩි ළමයි වැඩියෙන් කැමති පැණි රස යෝගට් එකට.

දැන් මොකක්ද මේ පැණි රස යෝගට් එකේ අවුල. මම ඒකත් ඇහුවා. එතකොට තමා නියම කතාව කිව්වේ.

සමහර ගවපට්ටි හිමියන් තමන්ගේ එළකිරිවලට විවිධ දේවල් එකතු කරනවලු. යුරියා, කිරිපිටි, සීනි වගේ දේවල්. එහෙම කරලාලු ඒ අය නියමිත ඝනත්වය ගන්නේ කිරිවල. ඒත් දෙමළ මිනිස්සුන්ගෙන් ගන්න කිරිවලට කිසිම ජරාවක් එකතු කරන්නේ නෑ..ඒ දෙමල මිනිස්සු ගවයට පූජනීය සතෙක් විදියට සලකන නිසාලු. ඉතාම පිරිසිදු ගුණාත්මක එලකිරි තියෙන්නේ දෙමළ මිනිස්සු ඇති කරන ගව පට්ටිවල කියන එක ඒ අය අතර තියෙන සම්මතයක්.

කිරි පිටි දාන එකේ අවුල මොකක්ද? කොහොමත් යෝගට් එකට කිරිපිටි ටිකක් දානවා. අවුල තියෙන්නේ ඒ දාන කිරිපිටිවලයි. ලොකු කිරිපිටි නිශ්පාදන ආයතවලින් ඉවත් කරන කිරිපිටි තොග කොලඹ මාකට් එකේ විකෙනෙනවා එක එක නම් වලින්.  ඒ නම් ගහන්නෙත් පිටකොටුවෙමලු. නැව්වල ගේනකොට විනාස වෙන ලොකු කන්ටේනර්වල තියෙන පිටි තොග ආපහු සකස් කරලා, බෑග්වලට දාලා තොග ගානට විකුනනවා පිටකොටුවේ. ඒ පිටි තමා ලන්කාවේ ගොඩාක් හෝටල් වල බොන්න දෙන්නේ. ගාන ගොඩාක් අඩුයි.  අන්න ඒ පිටිකිරි වලින් තමා බොහෝ දෙනෙක් යෝගට් හදන්නෙ ලංකාවේ..නොයෙක් වස විස දානවා ඒවට.

තුනක් ගත්තාම එකක් දෙනවා වගේ ප්‍රයෝග දාලා එක එක නම් වලින් විකුණන ජරාව පොඩි අයට දෙන්නම එපා. ලංකාවේ නිපදවන ප්‍රමිතියෙන් උසස් යෝගට් තියනවා. . 

කෝන් ෆ්ලවර්, යුරියා,  වීසිකරන ජරා පිටිකිරි ඔබේ පොඩි එකාට ගිල්ලවන්න එපා... පව්"

උපුටා ගැනීම මුහුණු පොත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu