gossiplanka alexa දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟය ගැන රසල් ආනල්ඩ් අදහස් දක්වයි - ලංකාවට දිනන්න පුළුවන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තරඟය ගැන රසල් ආනල්ඩ් අදහස් දක්වයි - ලංකාවට දිනන්න පුළුවන්

2019 ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමඟම  ශූරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ සටන තවත් කණ්ඩායම් කිහිපයකට විවෘත වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තීරණාත්මක තරඟය පැවැත්වෙන්නේ  දකුණු අප්‍රිකාව සමඟයි.

එම  තරගයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ ඩර්හැම් ප්‍රාන්තය වෙත පැමිණ සිටිනවා. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර මෙම තරගය පැවැත්වෙන්නේ චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයෙහිදී.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දෙ දින තුළ මෙම ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සිදු කළ අතර දකුණු අප්‍රිකා තරගයට අමතරව බටහිර ඉන්දීය කොදෙව්වන් සමග සඳුදා (ජුලි 1) දින තරගය පැවැත්වෙන්නේ ද මෙම ක්‍රීඩාංගණයේදීයි.

සිකුරාදා පැවැත්වෙන මෙම තීරණාත්මක දකුණු අප්‍රිකානු තරගය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රසල් ආනල්ඩ් බීබීසී සිංහල සේවයට දැක්වූ කරුණු කිහිපයකි,මේ.

දකුණු අප්‍රිකාව මෙම තරගයට පිවිසෙන්නේ ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවී කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඉදිරි අනාගතය ගැන ප්‍රශ්න මතු වී ඇති මොහොතකය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව අවසන් වරට මාස කිහිපයකට පෙර එක්දින තරගාවලියකදී තරග 5-0ක් ලෙස පරාජය කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය. මෙම තත්ත්වය මත දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරගයේ වැඩි වාසිය කාට ද?

"අපිට ලොකු අවස්ථාවක් තියෙනවා දකුණු අප්‍රිකා තරඟය දිනන්න. ඔවුන්ගේ ආත්ම විශ්වාසය හොඳ තැනක නෙවෙයි තියෙන්නේ. ඒ වගේ ම පිතිකරුවන් ලකුණු අතර නැහැ. පන්දු යවන්නන් දෙන්නෙක් විතර හොඳින් ක්‍රීඩා කරනවා,' බීබීසී සිංහල සේවය ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රසල් ආනල්ඩ් පැවසුවා.

"නමුත් අපි ඉදිරියෙන් ඉන්නවා මේ අවස්ථාවේ. ඔව් අපි දකුණු අප්‍රිකාවේදී 5-0 පැරදුණා මාස කිහිපයකට පෙර. නමුත් දැන් තත්ත්වය වෙනස්. කණ්ඩායම් දෙකේ මානසිකත්වය ගොඩක් වෙනස්. ඒ නිසා මම හිතනවා මේ තරගය වගේ ම ඊට පස්සේ තියෙන බටහිර ඉන්දීය කොදෙව් තරගය ශ්‍රී ලංකාව උපායශීලී වෙලා දිනන්න පුළුවන් කියලා."

එංගලන්තය සමග ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජීවන් මෙන්ඩිස් හැර අනිකුත් සියලු ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායමට යම් දායකත්වයක් ලැබුණා.. ශ්‍රී ලංකා කණ්ඩායමේ යම් ගැටලුවක් තිබේ නම් එය ඔස්ට්‍රේලියා තරගයේ මිලින්ද සිරිවර්ධන සහ එංගලන්ත තරගයේ ජීවන් මෙන්ඩිස් ක්‍රීඩා කළ ස්ථානය සම්බන්ධයෙන්. ක්‍රීඩකයන් දෙදෙනා ම දැනට ක්‍රීඩා කළ තරඟවලදී අසාර්ථක වී තිබෙනවා.  ශ්‍රී ලංකා සංචිතයේ මෙම ස්ථානයට ආදේශ කළ හැකි ක්‍රීඩකයන් ලෙස සිටින්නේ පිතිකරු ලහිරු තිරිමාන්න හෝ පන්දු යවන්නන් වන සුරංග ලක්මාල් සහ ජෙෆ්රි වැන්ඩසේ පමනයි.  මෙම ස්ථානය ලබාදිය යුත්තේ කාට ද ? යන්න බීබීසී සිංහල සේවය රසල් ආනල්ඩ්ට යොමු කළ තවත් ප්‍රශ්නයක්.

"ජීවන් මෙන්ඩිස්ගේ ස්ථානයේ වෙනසක් කරන්න පුළුවන් මම හිතන්නේ ඒකට ඉන්න එක ම ආදේශකයා මිලින්ද සිරිවර්ධන. එයාට ඕස්ට්‍රේලියා තරගය විතරයි හම්බ වුණේ. මිචල් ස්ටාක්ගේ හොඳ පන්දුවකින් දැවී ගියා. ඉතින් එයාට තව අවස්ථාවක් දෙන්න බැරි නැහැ. හැබැයි හැම තරගයක ම වෙනස් කරන්න ඕනෙ ද කියන එකත් හිතන්න ඕනේ. එකක් ජීවන් ගහනවා එයා ෆේල් වුණා ම මිලින්ද ගහනවා ආයෙත් වෙනස් වෙනවා. ඒක ඇරෙන්න අපිට එතනට වෙනස් විසඳුමක් නැහැ. මම හිතන්නේ නැහැ තිරිමාන්න ඒ අංක 6,7 ස්ථානයට සුදුසුයි කියලා. ඒ වගේ ම සුරංග ලක්මාල් ගැහුවොත් අපේ පිතිකරණය දුර්වල වෙනවා. ඒ නිසා වෙනසක් අවශ්‍ය නම් මම යෝජනා කරන්නේ ජීවන් වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන," රසල් ආනල්ඩ් පැවසුවා.

"මෙතන තියෙන ගැට‍ලුව අපි මේ පුරවන්නේ හිඩැසක්. අපිට අවාසනාවකට නැහැ තරගකාරී තත්ත්වයක්. මෙයාව දාමු මෙයා හොඳයි කියන්න. අරයට වඩා මෙයා හොඳයි කියල කියන්නත් අමාරුයි."

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලානයේ පළමු තරග 3 තුළ ලබා ගත්තේ ලකුණු 9ක් පමණයි. කෙසේ නමුත් එංගලන්තය සමග පැවති තරගයේදී ලකුණු අතරට පැමිණි මැතිව්ස් නොදැවී ලකුණු 85ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත හැකි ලකුණු ප්‍රමාණයක් කරා රැගෙන ගියා. කෙසේ නමුත් ඇතැම් ක්‍රීඩා ලෝලීන් මෙන් ම ක්‍රීඩා විචාරකයන් මැතිව්ස්ගේ ඉනිම විවේචන කළේ ඒ සඳහා ඔහු පන්දු 115ක් වැය කිරීම සම්බන්ධවයි. මේ ගැන රසල් ආනල්ඩ් පැවසුවේ මෙවැනි අදහසක්.

"අපි මුලදී හිතුවා මැතිව්ස් ගැහුවේ හෙමින්, තව හයියෙන් ගහන්න තිබ්බා තව ලකුණු ටිකක් ගන්න. නමුත් අපිට ඒ ඉනිමේ අගය දැනුනේ තරගය ජයගත්තට පස්සේ. එතන අපි තේරුම් ගන්න ඕනේ මැතිව්ස් තණතීරුව හඳුනා ගෙන ඒ තැනට සුදුසු ආකාරයට ක්‍රීඩා කරා කියන එක. ඔහු ලකුණු අතරට පැමිණීම කණ්ඩායමට හොඳ දෙයක්."

එංගලන්තය සමග පැවති තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ තරගයේ වීරයා වූ ලසිත් මාලිංග සහ ධනංජය ද සිල්වාගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන්.

"ලසිත් මාලිංග විශිෂ්ට පන්දු යැවීමක නියැළුණා, අනිත් වේග පන්දු යවන්නනුත් හොඳ සහයෝගයක් ලබා දුන්නා. විශේෂයෙන් ම නුවන් ප්‍රදීප්. හැම පන්දු යවන්නා ම තම මූලික වගකීම ඉටු කළා, වැඩියෙන් ලකුණු ලබානොදී පන්දු යවලා. ලසිත් මාලිංග කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා ලෙස තම වගකීම හරියටම ඉටු කළා. මේක තමයි අපි ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ. දකුණු අප්‍රිකානු තරගයේත් ඒ වගකීම ඉටුකරොත් අපිට ජයග්‍රහණය පහසු වෙනවා," රසල් ආනල්ඩ් වැඩිදුරටත් කියා සිටියා.

"BBC සිංහල"
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu