නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය වැඩි ඡන්ද 83කින් පත් වී තිබෙනවා. නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නම් දෙකක් යෝජනා වී තිබුණා.
ඉන්දීය රජයේ සහායෙන් ශ්‍රී ලංකාවට තවත් පෙට්‍රල් රැගත් නෞකාවක් අද (05) කොළඹ වරායට ළඟා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබෙනවා.
පාර්ලිමේන්තුව අවට පාර්ග කිහිපයක් වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහා මෙසේ පාරවල් වසා දමන බවයි පැවසෙන්නේ.
ඉන්ධන පිරවුම්හල්වලින් ඇණවුම් කරන ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකරන නිසා යලිත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසනවා.
එක් දින සහ සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම අද දිනයේ සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියළුම ශාඛාවල මෙම සේවාව අද දිනයේ සිදු නොකරන බවයි දැනු…
පාර්ලිමේන්තු පිර්විසුම් මාර්ගය අසල විරෝධතාවයේ නිරතවන විට පොලීසිය විසින් අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුද්ගල ඇප මත නිදහස් කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
පාර්ලිමේන්තුව අසළ විරෝධතා පැවැත්වීම වළක්වමින් හෙට සහ අනිද්දා (05,06) නියෝගයක් නිකුත් කරන ලෙසට තංලගම පොලීසිය විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ නවතා තිබූ පොලිස් බස් රථ සහ ලොරි රථ ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදිකවේදිකාව සහ මාර්ගය භාවිතා කරනු ලබන ජනතාවට කරදර සිදුවන ලෙස බාධා කරමින් විරෝධතාවයේ …
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගට අසල විරෝධතාකරුවන් සහ පොලිසීය අතර උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා. විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග්යට ඇතුළුවීමට උත්සහා දරා ඇති අතර පොලීසිය විසින්…
අගමැති මහින්ඩ රාජපක්ෂ ඉල්ලා අස්වීමට යන බවට වූ ප්‍රචාරය අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැතිවරයා ඉල්ලා අස්වීමට නියමිත බවයි ආරංචි මාර්ග පැතිර යමින් තිබෙන්නේ.