![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පා නදුර ප්‍රදේශයේ ගොඩනැගිලි පහක් එකවර කඩා වැටීමේ පුවතක් අද (30) වාර්තා වුණා. පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය මාවතේ තිබූ පැරණි ගොඩනැගිලි පහක් මෙසේ කඩා වැටී තිබෙනවා.
ඊයේ (27) දිනයේ දී පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පානදුර මූලික රෝහල ඉදිරිපිට දීයි.
පා නදුර නගර සභාවේ සභාපතිවරයාගේ නිල රථයේ රියදුරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ සමඟම පානදුර නගර සභාවේ සියළුම සේවක සේවකයින් PCR පරීක්ෂණයට යොමු කිරීමට අද පියවර ගනු ලැබුවා.
පා නදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙදියකගේ දියණියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම එම ඒකකය වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
පා නදුර ප්‍රදේශයේ එක්තරා ගර්භණී කාන්තාවක් පදිංචි නිවසකට විදෙස් ගත ඥාතීන් පිරිසක් පැමිණ නැවත පිටත්ව ගොස් ඇති බව ආරංචි වීමත් සමඟම එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් එම කාන්තාවගේ නිවසට ගොස් දැනුම් දී ඇත්තේ දින 14ක් ස්වයං නිරෝධායනයට ලක…