gossiplanka alexa පානදුරේ දී ගිලන් රථ රියදුරාට වෙඩි තැබූයේ ඇයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පානදුරේ දී ගිලන් රථ රියදුරාට වෙඩි තැබූයේ ඇයි ?

ඊයේ (27) දිනයේ දී පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පානදුර මූලික රෝහල ඉදිරිපිට දීයි.

ගිලන් රථ රියදුරාට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කර ඇතත් ගිනි අවිය අක්‍රිය වීම නිසා රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි පොලීසිය පවසනවා. වෙඩි තැබීම සිදුවන විට රෝගීන් බැලීම සඳහා පැමිණි ජනතාව විශාල පිරිසක් හිස් ලූ ලූ අත දිවගිය බවයි ඇසින් දු‍ටුවන් සඳහන් කරන්නේ. 

ඊයේ දහවල් 11.45ට පමණ පානදුර මූලික රෝහල වෙත පැමිණි ගිලන් රථයට වෙඩි තබා ඇත්තේ යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු විසින්. ඔවුන් ගිලන් රථයේ දොර අසලට විත් වෙඩි තබා ඇති අතර තවත් පුද්ගලයෙකු රෝහලේ ප්‍රධාන ගේට්‍ටුව අසල ගිනි අවියක් අත දරාගෙන සිට ඇතැයි පොලීසිය පවසනවා.  ප්‍රහාරයට ලක්වූ රියදුරා උතුරු කළුතර තොටුපළ පාරේ පදිංචිකරුවකු බවයි වාර්තා වන්නේ. 

2021 පෙබරවාරි 28 වන දින වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් හොරණ දික්හේන්පුර ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගනු ලැබූ රුපියල් කෝටි හතළිස් දෙකක් පමණ වටිනා මත්කුඩු කිලෝ 42ක සිද්ධිය සම්බන්ධයෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක පල කරනවා. එම හෙරෙයින් තොගය ප්‍රවාහනය සඳහා ද භාවිතා කර තිබුණේ ගිලන් රථයක්. 

පානදුර පොලීසිය විසින් මේ පිළිබඳව වැඩි දුර විමර්ශන සිදුකරනු ලබනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu