gossiplanka alexa රුසියාව සහ ඇමරිකාව නේටෝ සංවිධානය නිසා නැවතත් ඇවිලේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රුසියාව සහ ඇමරිකාව නේටෝ සංවිධානය නිසා නැවතත් ඇවිලේ

යුක්‍රේනයට නේටෝ සංවිධානය තහනම් කරන ලෙස රුසියාව විසින් කරන ලද ඉල්ලීම ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. යුක්‍රේන අර්බුදය විසඳීම සඳහා උපක්‍රමයක් ඉදිරිපත් කරන අයුරින් රුසියාව එම ඉල්ලීම කර තිබෙන බව සඳහන්. කෙසේ වෙතත් මෙම ඉල්ලීම නේටෝ සංවිධානයේ මහලේකම්වරයා ද ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. 

නමුත් එවැනි ක්‍රියාමාර්ගයක් වෙනුවට රාජතාන්ත්‍රික විසඳුමක් ලබාදීමට ඇමරිකාව සූදානම් බවත් රුසියාව එය පිළිගතයුතු බවත් එකසත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කරනවා. 

නේටෝ සංවිධානය යුරෝපය තුල ව්‍යාප්ත වීමට අදාළව ඇති වූ ගැටළු ගණනාවක් අඩංගු ලේඛනයක් රුසියාව විසින් ඉදිරිපත් කර තිබෙනවා. එසේම ඇමරිකාව සහ නේටෝ සංවිධානය ඒකාබද්ධව සිදු කළ බව පෙනෙන මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරතවන බවයි රුසියාව පවසන්නේ. 

රුසියානු හමුදාව ලක්ෂයක පමණ ප්‍රමාණයක් පසුගිය සති කිහිපයක කාල සිමාව තුළ යුක්‍රේන දේශ සීමාව අසල කඳවුරු බැඳගෙන සිටිනවා. එය යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ සූදානමක් ලෙස බටහිර බලවත්තු චෝදනා කලත් රුසියාව එය ප්‍රතික්ෂේප කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu