එයාර්බස් ගනුදෙනු නඩුව: ප්‍රියංකා නියෝමාලි වෙනුවෙන් තැබූ මිලියන 40ක ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝග

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක වෙනුවෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ තබා තිබූ රුපියල් මිලියන 40ක (රුපියල් මිලියන 20 බැගින්) ඇප මුදල් රාජසන්තක කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළා.

එයාර්බස් ගනුදෙනු විමර්ශනයට අදාළව අධිකරණය මගහැර සිටින සැකකාරියට එරෙහිව දැනටමත් ජාත්‍යන්තර පොලිස් වරෙන්තු නිකුත් කර තිබෙනවා. සැමියාගේ අභාවය සහ ජීවිතයට ඇති බිය නිසා ඇය මෙරටට පැමිණීමට බියෙන් පසුවන බව ඇපකරුවන් දැක්වූ කරුණු ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා, ඉන් මිලියන 20ක් අද දිනම ගෙවන ලෙසත්, ඉතිරි මුදල ඔක්තෝබර් 14 වන දිනට පෙර ගෙවන ලෙසත් නියෝග කළා.

මීට අමතරව, මෙම නඩුවේ තෙවන සැකකරු වන ෂමීන්ද්‍ර රාජපක්ෂටද ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu