එසේම කාෂ්මීරයේ - පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව දෙරට අතර සයිබර් ගැටුමක් ද ආරම්භ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව දෙරටේ සිනමා නිර්මාණ සහ යූ ටියුබ් නාලිකා ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් වනවා. පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂෙරීෆ්ගේ යූ ටියුබ් නාලිකාව ඉන්දියාවේ භාවිත කිරිමද මෙ වන විට ඉන්දියාව විසින් නතර කර දමා තිබෙනවා.
එසේම පකිස්තානය විසින් සිය ගුවන් විදුලි නාලිකාවල ඉන්දීය ගීත ප්‍රචාරය කිරීම ද මේ වන විට තහනම් කර තිබෙනවා.
මේ අතර ඉන්දියාව විසින් අද (03) නිල වශයෙන් පාකිස්ථාන ධජය සහිත නැව් තම වරායන්ට ඇතුළුවීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එසේම ඉන්දීය ධජය සහිත නැව් පකිස්තාන් වරායන්හි නැංගුරම් ලෑම ද තහනම් කර ඇති බව සඳහන්.
මෙ අතර ලෝක බලවතෙක් වූ අමරිකාව ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාවට එක්සත් ජනපදයේ ශක්තිමත් සහයෝගය යළි අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.