ඉන්දු - පකිස්තාන් සටන් විරාමය දෙදරා යයි ද ?

හාම ක්‍රියාත්මක වන පරිදි පකිස්තානය සහ ඉන්දියාව ඊයේ (10) දින සටන් විරාමයකට එළඹ තිබුණා. 

මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා ද සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කරනු ලැබුවා.

ඒ අනුව ඊයේ (10) දින සිට ඉන්දියාව සහ පකිස්තානය "ගොඩබිම, ගුවන සහ මුහුදේ සියලුම වෙඩි තැබීම් සහ හමුදා ක්‍රියාමාර්ග නවත්වන" බවයි ඉන්දීය විදේශ ලේකම්වරයා පවසා තිබුණේ. 

එසේම පකිස්තාන ගුවන්තොටුපළ අධිකාරිය පවසා ඇත්තේ සියලුම ගුවන් ගමන් සඳහා රටේ ගුවන් සීමාව සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

මෙම සටන් විරාමයට දෙරටම එකඟත්වයට පත්ව තිබුණේ ඊයේ උදෑසන පාකිස්ථානයේ ගුවන් කඳවුරු තුනකට ඉන්දියාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් පාකිස්ථානය විසින් බුන්යාන්-උම්-මර්සූස් මෙහෙයුම දියත් කිරීමෙන් පැය කිහිපයකට පසුවයි. 

කෙසේ වෙතත් එම සටන් විරාමයෙන් පැය කිහිපයකට පසුවද කාශ්මීරයේ පිපිරීම් කිහිපයක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. 

ඉන්දීය ජම්මු - කාශ්මීර මහ ඇමතිවරයා පවසා ඇත්තේ  ඉන්දියාවේ, ශ්‍රීනගර් ප්‍රාන්තයේ, උදම්පූර් ප්‍රදේශයේ පිපිරීම් හඬක් ඇසුණු බවයි. 

"සටන් විරාමයට දැන් මොකද වුණේ? ශ්‍රීනගර් පුරා පිපිරීම් ඇසුණා," යනුවෙන් ඔහු සටහනක් තබා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu