හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද (28) අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.
ඒ හිටපු ඌව පළාත් මහ ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට අදාළවයි.
මේ සම්බන්ධයෙන් මීට ඉහත දින දෙකක දී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිරවයා වෙත අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. නමුත් එම අවස්ථා දෙකේ දීම අවුරුදු සමය සහ සිය නීතීඥවරයා විදේශගතව ඇති බව කරුණු දක්වමින් ඔහු එහි පෙනී සිටියේ නැහැ.