විදුලි ගාස්තුව ඉහළ නොදැමුවහොත් මණ්ඩලය මූල්‍යමය වශයෙන් අස්ථාවර වනු ඇති බවත් විදුලි ගාස්තු ඉහළ දමන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද නිර්දේශ කර ඇති බවත් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් පෙන්වා දී තිබෙනවා.
ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපතිවරයාද සහභාගි වූ මෙම විශේෂ හමුවකදී යි. එහිදී ජනාධිපතිවරයා ද ඊට කැමැත්තක් දක්වා නැති බවයි සඳහන් වන්නේ.
එම කොමිසමේ නිලධාරියෙක් පවසා ඇත්තේ එම යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇති බවයි.
දැනට පවතින මට්ටමේ විදුලි ගාස්තු පවත්වා ගැනීමෙන් මුල්‍ය අස්ථාවරත්වයක් ඇති නොවන බව මහජන උපයෝගිතා කොමිසම පවසා තිබෙනවා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය සිව්වෙනි ණය වාරිකය මුදා හැරීමට පෙර විදුලි පිරිවැය නිරූපිත ගාස්තුවක් ප්‍රකාශයට පත් කළ යුතුවනවා.