2023 ගස් හෙලීමේ පනතට අනුව පොල් ගස් කැපීමට අනිවාර්යයෙන් අවසර ගතයුතුවනවා.
නමුත් ජනතාවගේ නොදැනුවත්කම නිසා හෝ එසෙ පොල් ගස් කැපීමේ දී නිසි අවසරයකින් තොරව කටයුතු කරන බව දක්නට ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.
පොල් ගස් කැපීමට පෙර අනිවාර්යයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ මණ්ඩලයෙන් අවසර ගත යුතු බවයි එම මණ්ඩලයේ ප්‍රකාශිකාවක් පවසා ඇත්තේ.
එසේම, එලෙස නිසි අවසරයකින් තොරව පොල් ගස් කපා දමන පුද්ගලයින් මාස 6ක සිර දඬුවමකට යටත් විය හැකි බවත් එක් ගසකට 5000ක දඩයක් ගෙවිය යුතු බවත් එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.