පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුන්ට අද (26) වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක විසින්.
ඔහු 2021.03.22 වන දින ලසන්ක අබේවර්ධන යන අය පැදවූ මෝටර් රථයක් බේස්ලයින් මාර්ගයේදී අනතුරට පත් කර ඔහුට බරපතල ලෙස පහ දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ රාමනාතන් අර්චුන්ට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
එම නඩුව අද කැඳවා තිබූ අතර යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබෙනවා.
මෙම නඩුව පැවති පෙර දිනයේදී ද රාමනාතන් අර්චුන්ට වරෙන්තු නිකුත් කර තිබුණද එම වරෙන්තු ක්‍රියාත්මක වීමක් සිදුව නැති බවයි පැවසෙන්නේ. මොහු දිගින් දිගටම අධිකරණ මග හරිමින් සිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙනවා.