gossiplanka alexa මෙරට දේශපාලන පක්ෂ ‍රැසක් වෙනස්ම ආකාරයකින් සමරන ලෝක මැයි දිනය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙරට දේශපාලන පක්ෂ ‍රැසක් වෙනස්ම ආකාරයකින් සමරන ලෝක මැයි දිනය

ලෝක කම්කරු දිනය අදයි. මෙවර ශ්‍රී ලංකාවේ මැයි දින සැමරුම වෙනස්ම ආකාරයකින් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. රටෙහි පවතින ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අර්බුදයන් හමුවේ මෙලෙස වෙනස්ම අයුරකින් මැයි දින සැමරුම සිදු කිරීමටයි දේශපාලන පක්ෂ තීරණය කර ඇත්තේ. 

ශ්‍රීලංකා පොදුජන පෙරමුන මැයි දින ‍රැළිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය පිහිටා ඇති පරිශ්‍රයේ දී පැවැත්වෙනවා. එයට  පළාත් පාලන ආයතනවල නියෝජිතයින් සහ වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු සීමිත පිරිසක් සහභාගී වන බවයි පැවසෙන්නේ.

සමගි ජන බලවේගයේ මැදි දින සැමරුම නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙනවා. "නිදහසේ අරගලය" තේමාව යටතේ පවත්වන සැමරුම කැම්බල් පිටියෙන් පා ගමන අරඹා නිදහස් චතුරස්‍රය වෙත යාමට නියමිතව තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන නගර හතරක දී මෙවර මැයි දිනය සැමරීමට කටයුතු යොදා තිබෙනවා. මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ දී, කොළඹ කො‍ටුව දුම්රිය ස්ථානයේ දී, අනුරාධපුරයේ සහ යාපනයේ දී මෙම සැමරුම සිදු කිරීමට නියමිතයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින ‍රැළිය කොටස් දෙකකින් පැවැත්වීමට නියමිතයි. 1956 දී මැයි දින නිවාඩු දිනයක් බවට පත් කළ බණ්ඩාරනායක ආණ්ඩුවේ කම්කරු ඇමතිවරයා ලෙස කටයුතු කල ටී.බී. ඉලංගරත්න මහතා අනුමස්මරණය කිරීමේ උපහාර උත්සවයක් අරලිග මන්දිරය ආසන්නයේ පිහිටි ටී.බී ඉලංගරත්න ප්‍රතිමාවට පුෂ්පෝපහාර පැවැත්වීමෙන් සිදු කරනු ලබනවා. ඉන් අනතුරුව ලංකාවේ සෑම ආසනයකන සෑම දිස්ත්‍රික්කයම උද්ඝෝෂන මාලා සහ පෙළපාලි පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

එක්සත් ජාතික පක්ෂ මැයි දින ‍රැළිය කොළඹ නගර ශාලාවේ දී සම්මේලනයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබෙනවා. එයට අමතරව ගාලු මුවදොර පිටියේ සිටින නිර්මාක්ෂික අරගලයට තම පාක්ෂිකයන්ට සහභාගී වීමට උපදෙස් දී ඇති බව එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර ප්‍රකාශ කර තිබෙනවා. 

එසේම ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ සමස්ථ ලංකා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය එක්ව මෙවර මැයි දින සැමරුම පවත්වනවා. එම පෙළපාලිය සවස 2ට කොම්පඤ්ඤවීදිය,  ඩි මෙල් පිටිය අසලින් ආරම්භ වන අතර සවස 03 ට හයිඩ් පිටියේදී මැයි දින ‍රැළිය පැවැත්වීමට නියමිතයි. 

බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී ජාතික නිදහස් පෙරමුණ සිය මැයි දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu