gossiplanka alexa "ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වන්නේ නම් අළුත් අයට බලපත්‍ර දෙනවා"

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වන්නේ නම් අළුත් අයට බලපත්‍ර දෙනවා"

ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබානොදුන් සහ ලබාගැනීමට නොහැකිවූ නව ප්‍රවාහනකරුවන්ට වහාම ක්‍රියාත්මක වනපරිදි නව බලපත්‍ර ලබාදීමට බලශක්ති සහ විදුලිබල අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. එසේම සේවයට වාර්තා නොකරන බලපත්‍රලාභින්ගේ බලපත්‍ර අහෝසි කිරීමට ද තීරණය කර ඇති බව අමාත්‍යවරයා පවසා තිබෙනවා. 

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීම හේතුවෙන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ධාවන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කරනු ලැබුවා. එම තීරණයත් සමඟ බලශක්ති සහ විදුලිබල අමාත්‍යවරයා විසින් මෙලෙස නව බලපත්‍ර ලබා දීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ. 

කෙසේ වෙතත්  සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය පවසා ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව මේ වන විට පවතින්නේ සීමිත ඉන්ධන තොගයක් නිසා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් වර්ජනයකට ඇද දැමීමට බළධාරීන් කටයුතු කරන බවයි. නමුත් අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්ධන ප්‍රමාණවත් තොග ඛණිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත් ප්‍රමාණවත් ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, පෙට්‍රල් 92 සහ භූමිතෙල් තොග වෙළෙඳපොළට අඛණ්ඩව නිකුත් කරන බවත්ය. නමුත් පෙට්‍රල් 95 සීමිත තොග වෙළඳපොළට නිකුත් කරන බව අමාත්‍යවයා පවසා තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu