gossiplanka alexa රඹුක්කන ඝාතනය චේතනාන්විත බව දක්වමින් මාධ්‍යවේදියෙකුගෙන් සාක්ෂි සහිත ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රඹුක්කන ඝාතනය චේතනාන්විත බව දක්වමින් මාධ්‍යවේදියෙකුගෙන් සාක්ෂි සහිත ප්‍රකාශයක්

රඹුක්කන මනුෂ්‍යඝාතන සිද්ධිය චේතනාන්විත බව පවසමින් මාධ්‍යවේදී ජීවන පහන් තිළිණ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පහතා වෙත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඔහු ඊට අදාළ සාක්ෂි වශයෙන් වීඩියෝ ද ඊට ඇතුළත් කර තිබෙනවා.

සම්පූර්ණ ප්‍රකාශය පහතින්

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්තයා වෙත.

         රඹුක්කන ඝාතනය චේතනාන්විතයි.

රඹුක්කන ඝාතනය සිදුව ඇති ආකාරය සහ එහි වූ පහත සාක්ෂි ඇමිනුම් සමග ඔබට ඉතාම වැදගත් කරුණු කීපයක් දැන ගන්නට ලැබෙනු ඇත.

1. මේ පුද්ගලයන්ට වෙඩි තැබීම සිදුවන්නේ ඔවුන් අදාළ බවුසරය පසුකර සැලකිවයුතු දුරක් ගිය පසුව ය.පොලීසියේ අවශ්‍යතාව වූයේ බව්සරය බේරා ගැනීමට නම් ඔවුන්ට බවුසරය බේරා ගත් පසු එළවා එළවා වෙඩි තැබීමට හේතුවක් නැත.

සාක්ෂිය

(මුල් කොටස බලන්න)

https://youtu.be/e9kJFr4ci-I

 2.  මේ වෙඩි තැබීම සිදු කර ඇත්තෙ කිසිම. ප්‍රචණ්ඩකාරී හැසිරීමක් නොදැක්වූ සාමාන්‍ය පුද්ගලයෙක්ට ය. එය ඕනෑම අවස්ථාවක සාමාන්‍ය පුද්ගලයෙක් රැඳී සිටය හැකි අවස්ථාවකි.යම් හෙයකින් සාමාන්‍ය පුදගලයන්ට ඇතුලු වීම තහනම් කරන ලද ආරක්ෂක ස්ථානයක් හෝ ඇඳිරිනීති කාළසීමක් නොවේ.එසේනම් තමා අසළ සිටින නිරායුධ මනුෂ්‍යයෙක්ට , තමන්ට කිසිඳු හානියක් ඔහුගෙන් නොවන බව දැන දැන වෙඩි තිබ්බේ ඇයි?

සාක්ෂිය 

https://youtu.be/3gVAJ14gJps

3. ඔහුට වෙඩි තියන්න එපා කියලා කීප දෙනෙක්ම ඉල්ලූ බව කියනවා.ඒ වෙන කොට වෙඩි තැබීම සහ වෙඩි තැබීමට උත්සහ කිරීම අතර විනාඩි කීයක් තිබුණ ද?

සාක්ෂිය

විනාඩි 5:20 කොටස

https://youtu.be/3gVAJ14gJps

4. හඳුනා ගැනීමෙන් පසුව වෙඩි තිබ්බා නම් සහ ඔහු මිනී මැරුම් දෙකකට සැකකරුවෙක් නම් (අජිත් රෝහණට අනුව) ඔහුව සාමාන්‍යයෙන් පොලීසිය හඳුනන බව උපකල්පනය කළ හැකියි.

        (සාමාන්‍යයෙන් මිනීමැරුම් දෙකකට සැකපිට ඉන්නා පුද්ගලයෙක් ගැන පොලීසිය නොදැන සිටින බවක් විශ්වාස කළනොහැක)

සාක්ෂිය

විනාඩි 7:20 කොටස

https://youtu.be/e9kJFr4ci-I

5. එසේ නම් තවත් පුද්ගලයක් සිය ගණනක් සිටිය දී, ඔහුව ඉලක්ක කර වෙඩි තැබීමත්, ඔහු සැකකරුවෙක් බව නැවත නැවත් පැවසීමට උත්සහ කිරීමත් මත සමාජයට දැනවීමට උත්සහ කරන්නේ "එවැන්නෙක් මරාදැමීම සාමාන්‍යයයි" වැනි දෙයක් ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් පැන නගී.

සාක්ෂිය

https://youtu.be/e9kJFr4ci-I

ඒ අනුව පුද්ගලයා තමා ඉදිරියේ සිටිය දී වෙඩි තැබීම,ඒ සඳහා කාළයක් ලබා ගැනීම, නිරායුධ බව හඳුනා ගැනීමට අවශ්‍ය සාධක පැවතීම, ඒ අසළ සිටි තවත් අයට වෙඩි නොතබා සිටීම, මේ පුද්ගලයා සැකකරුවෙක් බව පවසන්නට උත්සහ කිරීම මතක, මෙය චේතනාන්විත මනුෂ්‍ය ඝාතනයක් බවට සැක පහළ වේ.

මාධ්‍යවේදී ජීවන පහන් තිළිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu