gossiplanka alexa රඹුක්කන සිද්ධියේ වාර්තාකළ කරුණු මකා දැමූ පොලීසියට මහේස්ත්‍රාත්වරියගෙන් නියෝග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රඹුක්කන සිද්ධියේ වාර්තාකළ කරුණු මකා දැමූ පොලීසියට මහේස්ත්‍රාත්වරියගෙන් නියෝග

රඹුක්කන සිදුවූ මනුෂ්‍ය ඝාතනයට අදාලව පොලීසිය විසින් මුලින් ඉදිරිපත් කර තිබූයේ වාර්තාවකි, වාර්තාවක් ඉදිරිපත් කරනු ලබන්නේ යම්කිසි සිදුවීමක සැකකරුවෙක් නොමැති අවස්ථාවකදීයි. නමුත් මෙම අවස්ථාවේ දී මිනී මැරුමක් සිදුව ඇති බැවින් මහේස්ත්‍රාත්වරිය විසින් එම වාර්තාව භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ අනුව පොලීසිය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා. 

එසේ ඉදිරිපත් කළ වාර්තාව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 298 වගන්තිය ගැන සඳහන්ව තිබුණා. එම වගන්තිය අදාළ වන්නේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සඳහායි. 

පොලිස්පතිවරයා විසින් නම්කළ ස්වාධීන පරීක්ෂණ කමුටුවේ නිලධාරියකු සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඊයේ දිනයේ දී අධිකරණයට පැමිණ තිබුණා. ඔහු මැදිහත්වීමෙන් අධිකරණයට භාරදුන් වාර්තාවේ 298 වගන්තියට අදාළ කොටස ටිපෙක්ස් පෑනක් භාවිතයෙන් මකා දමා ඇති බව නිතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව එම නිලධාරියාට දැඩිව අවවාද කල මහේස්ත්‍රාත්වරිය අධිකරණ ලේඛණ මකා දමමින්,විකෘති කරමින් අධිකරණයට අපහාස කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙනු ලැබුවා. 

මේ අතර ‘බී’ වාර්තාවේ වගන්ති කිහිපයක් ටිපෙක්ස් දියර යොදා මැකීම සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙකු ඊයේ (20) රාත්‍රී කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සමාව ගෙන තිබෙන බව වාර්තා වනවා. 

කෑගල්ල මහේස්ත්‍රාත්වරිය රඹුක්කන විරෝධතාවේදී පුද්ගලයින්ට වෙඩි වැදුණු ස්ථාන,හා ත්‍රිරෝද රථයකට ගිනි තැබූ ස්ථාන පිළිබඳව නීරික්ෂණ කටයුතු සිදු කලා. එහිදී සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් තිදෙනෙකුගෙන් ද සාක්ෂි ලබා ගෙන තිබෙනවා. එසේ සාක්ෂි ලබා දුන් සාක්ෂිකරුවෙකුට පොලීසිය විසින් තර්ජනය කළ බව නීතිඥවරයෙකු මාර්ගයෙන් එම ස්ථානයේදීම මහේස්ත්‍රාත්වරියට කරුණු ඉදිරිපත් කර ඇති අතර එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකිරීමට වගබලාගත යුතු බවයි.  පසුව එසේ තර්ජනය කළ බව කියන පොලිස් නිලධාරියා ද එම ස්ථානයට කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර ඇති අතර ඔහු මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පෙනී සිට තිබෙනවා. ඉන් අනතුරුව කෑගල්ල රෝහලට ගිය මහේස්ත්‍රාවරිය විරෝධතාව විසුරුවා හැරීමේදී තුවාල ලැබූවන් ද නිරීක්ෂණය කරනු ලැබුවා. 

අදාළ නඩුව අද දහවල් 12ට නැවත කැඳවීමට නියමිතයි. මේ අතර සිද්ධියට සම්බන්ධයෙන් අද 10.00 ට ඇසින් දුටු සාක්ෂි කරැවන් ට කෑගල්ල අධිකරණයේ දී සාක්ෂි ලබා දීමට හැකියාව ඇති බව පැවසෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu