gossiplanka alexa සජිත් සහ බැසිල් අතර "ඩීල්" එකක් ගැන අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් සහ බැසිල් අතර "ඩීල්" එකක් ගැන අනාවරණයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේග යන පක්ෂ දෙකම බැසිල් රාජපක්ෂගේ මතයන් අනුව වැඩ කරන බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පවසනවා. බැසිල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස අතර "ඩීල්" එකක් ඇති බවයි මන්ත්‍රී වරයා පවසා ඇත්තේ. 

මන්ත්‍රීවරයා මේ පිළිබඳව අදහස් දක්වා ඇත්තේ කොළඹ, මරදානේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී (26දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

සමගි ජන බලවේග පක්ෂය අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ඒම නොයෙක් හේතූන් මත කල් දමා ඇති බවත් සමගි ජන බලවේග පක්ෂය මෙහෙයවන්නේ ද බැසිල් රාජපක්ෂ බවත් වාසුදේව මන්ත්‍රීවරයා පවසනවා. සජිත් ප්‍රේමදාස සහ බැසිල් රාජපක්ෂ අතර ඇති මෙම ගනුදෙනුව සිදුවන්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හරහා බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 

සමගි ජන බලවේග පක්ෂයේ ප්‍රධාන අරමුණ ඡන්දයක් ලබා ගැනීම බවත් ආණ්ඩුව පිහි‍ටුවීමට තමන්ට අවම සංඛ්‍යාව නොලැබූ විට බැසිල් රාජපක්ෂ පොහොට්‍ටුවෙන් එම අඩුව පිරවීමට සූදානම් බවත් වාසුදේව නානායක්කාර පවසනවා. 

ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ධූරයෙන් අස් වෙන්න බලපෑම් කල ද බැසිල් රාජපක්ෂ ආණ්ඩුව පවත්වාගෙන යන බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා. එසේම අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමට සූදානම් වුව ද එය බැසිල් රාජපක්ෂගේ බලපෑම් මත නතර වී ඇති බව තමන්ට පෙනෙන බව ඔහු පවසනවා. 

පොහොටූ පක්ෂය බැසිල් රාජපක්ෂ විසින් පාලනය කරන බවත් සමගි ජන බලවේග පක්ෂය ඔහුගේ වැඩපිළිවලට ඇතුල් කරගෙන ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu