gossiplanka alexa රඹුක්කන දී පොලිස් වෙඩි පහරින් මියගිය චමින්දගේ අවසන් කටයුතු අද

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රඹුක්කන දී පොලිස් වෙඩි පහරින් මියගිය චමින්දගේ අවසන් කටයුතු අද

රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (22) සිදු කිරීමට නියමිතයි. අවසන් කටයුතු සිදු කෙරෙන්නේ දේවාලේගම පොලිස් වසමේ නාරන්බැද්ද හිරිවඩුන්න ප්‍රදේශයේදීයි. 

පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ දේහය භූමිදානය කර අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කර ගැනීමට ත්‍රිවිධ හමුදා සහාය ලබා දෙන ලෙසයි. ඒ අනුව  කෑගල්ල දිස්ත්‍රික්කය ද ආවරණය වන පරිදි ලබන සෙනසුරාදා දක්වා දේවාලේගම, රඔුක්කන සහ කෑගල්ල පොලිස් බල ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදා ආරක්ෂාව යොදවා තිබෙනවා. 

මේ අතර රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට, රඹුක්කන පොලිස් අධිකාරිවරයාට සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස්පති සී ඩී වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ් තිලකරත්න වෙත නියම කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසත් දින 03ක් ඇතුළත අතුරු වාර්තාවක් ලබා දෙන ලෙසත් ය. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu