gossiplanka alexa "විදුලි බිල වැඩි කරන්න අනුමැතිය දී නැහැ" - ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"විදුලි බිල වැඩි කරන්න අනුමැතිය දී නැහැ" - ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබුණ ද විදුලි බිල වැඩි කිරීමට අවසර දී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. ගාස්තු සංශෝධනය කිරීමට නම් එම සංශෝධන යෝජනාව ජනතාව වෙත ඉදිරිපත් කර මහජන අදහස් ලබා ගැනීම අනිවාර්ය බවත් එය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය යටතේ පැවැත්විය යුතු බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කර තිබෙනවා.

එසේම විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය අනිවාර්යයෙන් ලබා ගත යුතු වනවා. 

එසේ හෙයින් විදුලි බිල වැඩි කිරීම විනිවිදභාවයකින් සිදු කරන නියාමන කටයුත්තක් බැවින් විදුලි බිල වැඩි වීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් අනියත බියක් ඇති කර ගත යුතු නැති බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu