gossiplanka alexa පාර්ලිමේන්තුව අමතමින් අගමැතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තුව අමතමින් අගමැතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

ආර්ථික අර්බුදයෙන් රට මුදා ගෙන දේශපාලන ප්‍රශ්න විසඳා ගැනීම සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. 

අගමැතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

ගරු කථානායකතුමනි,

මේ වන විට රට මුහුණ පා ඇති අභියෝගයන් පිළිබඳව මේ ගරු සභාවේ සිටින  මන්ත්‍රීවරුන්ට හොඳ අවබෝධයක් තියෙනවා. අපේ රට ඉතිහාසය පුරා දිගු කාලීනව මුහුණ දුන් ආර්ථික අභියෝගය අද වන විට ඉතා දුෂ්කර තැනකට පත්ව තිබෙනවා.

ආණ්ඩුවක් කවදාවත් කැමැත්තෙන් තමන්ගේ ජනතාව දුෂ්කරතාවට පත්කරන්නෙ නැහැ. එහෙත් අද රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින බව අප පිළිගත යුතුයි. විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය, ගෑස් අර්බුදය අපට පෙනෙන දුෂ්කරතා පමණයි. මේ නිසා ඇති වුණ තවත් නොයෙක් දුෂ්කරතාවලට ජනතාව අද මුහුණ දෙන බව මා දන්නවා.

මේ අප ගෙවමින් සිටින්නේ මේ අර්බුදයෙන් ගොඩ එන්න රටක් ලෙස අපි හැම දෙනාම එක්ව කටයුතු කළයුතු මොහොතක්. දේශපාලනික වශයෙන් බොරදියේ මාළු බාන්න මෙය අවස්ථාව නෙමෙයි කියලයි, මා විශ්වාස කරන්නෙ. අපි හැම දෙනාම ගැන ජනතාව බලා සිටිනවා. කවුද අවංකව රටට ආදරය කරන්නෙ කියලයි, ඔවුන් බලා ගෙන ඉන්නෙ. ඒ නිසා රජයක් ලෙස අපට තිබෙන වගකීමෙන් මිදෙන්න බෑ වගේ ම මේ අර්බුදයෙන් ගොඩ එන්න අපට තිබෙන සැලසුම් එකින් එක ඉදිරිපත් කිරීම අවශ්‍යයයි.

දේශපාලනික වශයෙන් අපට තිබෙන මතභේද විසඳගන්න කලින් රට මුහුණ දී තිබෙන අභියෝගයෙන් රට මුදාගන්නයි, අපි ප්‍රමුඛත්වය දිය යුත්තේ. ඒ නිසා රජයක් විදියට විරුද්ධ පක්ෂයටත් කිසිදු භේදයකින් තොරව රට ගොඩනගන්න එක්වන්නැයි අප ආරාධනා කළේ අවංක චේතනාවෙන්. ඒ ආරාධනය අදටත් වලංගු බව මා ඔබට සිහිපත් කරනවා.

රටේ පවතින අර්බුදය ජය ගැනීමට නම් ඒ සඳහා ආර්ථික කළමනාකරණය ඉතා වැදගත්. ඒ වෙනුවෙන් ජනතාවගේ මෙන් ම මේ උත්තරීතර සභාවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇගයීමට ලක්වන ආර්ථික කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත ආර්ථික විශේෂඥයන් තිදෙනෙකු පත්ව සිටිනවා. මහ බැංකුව ඇතුළු මූල්‍ය පරිපාලනය වෙනුවෙන් ඒ සම්බන්ධව ජාත්‍යන්තරව පිළිගත් පුද්ගලයෙක් පත්කරන්න අප කටයුතු කළා.

ඒ විතරක් නෙමෙයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු විවිධ ජාත්‍යන්තර ආයතන සමඟ අපි දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගෙන් අපට ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. ඒ වගේ ම අපේ මිත්‍ර රටවල් මේ මොහොතේ අප සමඟ මේ ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය සහය ලබා දෙමින් සිටිනවා.

මුදල් අමාත්‍යතුමා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා, මහා බැංකු අධිපතිතුමා මේ මොහොතේත් දැඩි කැපවීමකින් යුතුව ඔවුන්ගේ වගකීම සහ යුතුකම රට වෙනුවෙන් ඉටුකරමින් සිටිනවා. එහෙත් මෙවැනි අවස්ථාවක අප වඩාත් කල්පනා කළ යුත්තේ කෙටි කාලීනව තත්ත්වය කළමනාකරණය කර ගන්නවා වගේ ම දිගු කාලීනව මෙවැනි අර්බුදයන් නැවත රට තුළ ඇති නොවීමට වග බලා ගැනීමේ ස්ථිර අඩිතාලමක් දැමීමයි. විරෝධතාවට එහා ගිය මැදිහත්වීමක් ඊට අවශ්‍ය බව මා කලින් සිහිපත් කළේ ඒ නිසයි.

ඇති වෙලා තිබෙන අර්බුදයට විසඳුම් අප සෙවිය යුත්තේ සාකච්ඡා මාර්ගයෙන්. අර ගාලු මුවදොර විරෝධතාවයේ නිරත කණ්ඩායම්වලටත් මා සාකච්ඡාවකට එන්නැයි මීට පෙර ආරාධනා කළා. ඔවුන්ගේ වටිනා අදහස් අරගෙන කළ යුතු මැදිහත්වීම කරන්න අප ඉදිරිපත් වුණ බව සිහිපත් කළ යුතුයි.

දීර්ඝ කාලීන විදුලි කප්පාදුවලට එක් හේතුවක් වූයේ නිසි කලට විදුලි බලාගාර ඉදි නොවීමයි. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව තැබූ ඉදිරි පියවර ඇතැම් පිරිස් හිතාමතාම මග හැරියා. දැන් ඒ වරද අතීතයට පවරා ඵලක් නැහැ. අපි ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. බලාගාරවලට අවශ්‍ය ඉන්ධන හිඟය පියවමින් සිටින නිසාත් මේ වන විට මධ්‍යම කඳුකරයට වැසි ඇද හැලෙන නිසාත් මේ ප්‍රශ්නය ඉතා ඉක්මනින් විසඳන්න අපට පුළුවන්.

දවසෙන් දෙකෙන් මේ ප්‍රශ්නය අවසන් වෙනවා කියනවාට වඩා අපට හැකි ආසන්නම තැනින් අපි විසඳුම දෙනවා කියන එක වැදගත්. මිනිත්තුවෙන් මිනිත්තුව හරි අපි විදුලි කප්පාදුව අඩු කරනවා.

ඒ වගේ ම ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන හා ගෑස් හිඟය පාලනය කරන්න අවශ්‍ය පියවර ගෙන තිබෙන බව අතිගරු ජනාධිපතිතුමා, ඊයේ දිනයේ ජනතාව හමුවේ ප්‍රකාශ කළා. ඉන්ධන ලැබෙන බවට විශ්වාසයක් තිබෙන නිසා ඉන්ධන හිඟයක් එනවයි කියලා සැකයක් තියා ගන්න එපා.

එදිනෙදා වැඩ කරන ජීවිතේ පැය කිහිපයක් පෝලිම්වල ඉන්න ගියාම ඇති වෙන වේදනාව දන්න නිසා, මේ තත්ත්වය මඟ හැරීමට අවශ්‍ය බව අපි පිළිගන්නවා. විසි හතර පැයෙන් විසඳුමක් නොලැබුණත්, අපි ඔබ තව බොහෝ කල් පෝලිම්වල නොතියන බව මතක තබා ගන්න.

ආර්ථික අර්බුදයට විසඳුම් සොයන විට ඒ සඳහා අපේ රටේ ආර්ථික, දේශපාලන හා සමාජයීය ස්ථාවරත්වයත් ඉතා වැදගත්. ඒ සඳහා ගත හැකි කඩිනම් හා ප්‍රායෝගික විසඳුම ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති විය යුතු යැයි මා විශ්වාස කරනවා.

එහි ආරම්භක පියවර ලෙස දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම, කෙටි කාලීනව ගත හැකි කාලෝචිතම විසඳුම බවයි, මගේ විශ්වාසය.

ඒ ඔස්සේ යමින් අතිගරු ජනාධිපතිතුමාගේ ද ආශීර්වාදය ඇතිව පුළුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් දක්වා අප ගමන් කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් අප ගන්නා වෑයමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔබ සැමගේ සහයත්, ජනතා ආශීර්වාදයත් ලැබෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා.

ස්තුතියි!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu