gossiplanka alexa සුනාමි, වසංගත ආදියටත් වඩා භයානක අනතුරක් අතළඟ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුනාමි, වසංගත ආදියටත් වඩා භයානක අනතුරක් අතළඟ

රෝහල්වල ඖෂධ හා උපකරණ හිඟය දරුණු වුවහොත් යුද්ධයෙන්, සුනාමියෙන් හා වසංගතයෙන් මියගිය පිරිසට වැඩි මරණ ගණනක් ඉදිරියේ දී වාර්තා විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළුව වෛද්‍ය සංගම් හතක් ජනාධිපතිවරයට ඒකාබද්ධ ලිපියක් යොමුකරමින් පවසා තිබෙනවා. 

අත්‍යාවශ්‍ය ඖෂධ, ප්‍රතික්‍රියක හා උපකරණවල දැඩි හිඟයක් දැනටමත් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල පැන නැගී ඇතැයි ද ඒවාට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් දින කිහිපයක් ඇතුළත හදිසි ප්‍රතිකාර නතර කිරීමට සිදුවනු ඇතැයි ද වෛද්‍ය සංගම් එම ලිපියෙන් අවධාරණය කර සිටිනවා. 

මෙය ඉතා විනාශකාරී අත්දැකීමක් වනු ඇති බවයි එම සංගම් පවසා සිටින්නේ. මේ සම්බන්ධයෙන් සිය සංවිධානවල උපරිම අවධානය යොමු කර ඇති බව ද ඔවුන් එම ලිපියෙන් පවසා තිබෙනවා. එසේම ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟය නිසා දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. 

මෙම තත්ත්වයන්ට තාවකාලික විසඳුමක් ලෙස දෛනික සැත්කම් හා ජීවිත අවදානම් තිබෙන ලෙඩරෝගවලට භාවිතා කරන උපකරණ සීමාසහිතව භාවිතා කිරීමට තීරණය කර ඇති බව වෛද්‍ය සංගම් පවසනවා. කෙසේ වෙතත් එය හිතකර තීන්දුවක් නොවන බවත් හදිසි නොවන වෛද්‍යමය අවස්ථාවල දී වුව ද පැය කිහිපයක් ඇතුළත ජීවිත අවදානමක් ඇති තත්ත්වයකට පරිවර්තනය විය හැකි බවත් ඔවුන් වැඩි දුරටත් පවසා සිටිනවා. 

මේ අතර උග්‍ර ඖෂධ හිඟයට මුහුණ දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සෞඛ්‍ය ලේකම්වරයාට යෝජනා 5 ක් ඉදිරිපත් කර තිබෙනවා. 

1. සෞඛ්‍ය හදිසි ආපදා තත්ත්වයක් රට තුල ප්‍රකාශයට පත් කිරීම.

2. අදාල සියලු පාර්ශව කැඳවා පවතින ඖෂධ හා උපකරණ තත්ත්වය සමාලෝචනය කිරීම.

3. සෞඛ්‍ය අමාත්‍යංශය තාක්ෂණික කමිටුවක් පිහිටුවා දැනට අප සතුව ඇති ඖෂධ මනාව කලමණාකරණය කර ගැනීම සඳහා මාර්ගෝපදේශන සැකසීම. 

4. ජාත්‍යන්තර සහය සහ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙ සහයෝගය ඖෂධ හිඟයට මුහුණ දීමට ලබා ගැනීම.

5. විදේශ ආධාර මත ලැබෙන ඖෂධ වල ගුණාත්මකභාවය තහවුරු කරන ක්‍රමවේදයක් සැකසීම. 

තවද, රජය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීම තුලින් රටේ ජනතාවට සෞඛ්‍ය සඳහා ඇති මූලික මිනිස් අයිතිය තහවුරු කළ යුතු බවත් ඒ සඳහා රජයට බලපෑම් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රට පුරා රෝහල් ආශ්‍රිතව උද්ඝෝෂණ මාලාවක් හා මාධ්‍ය සාකච්ඡා පවත්වනු ලබන බවත් ඔවුන් දන්වා තිබෙනවා. අතර ඉදිරියේදි ශාඛා සමිති මට්ටමින් සිවිල් ජනතාවගෙන් සැදුම් ලත් කමිටු සඳහා නායකත්වය ලබා දෙමින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කිරීමට කටයුතු කරන බවත් ඔවුන් පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu