gossiplanka alexa අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පාස්කු දින ප්‍රහාරයෙන් වසර තුනක් ගත වූ ඊයේ දිනයේ දී එම ප්‍රහාරය සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. කාදිනල්තුමා මෙම ප්‍රකාශය සිදු කරනු ලැබූයේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී ඊයේ (21) පෙරවරුවේ පැවති සැමරුම් වැඩසටහනට එක්වෙමින්.

"මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් හෂීම් සහ හමුදා බුද්ධි අංශ අතර සම්බන්ධතාවයක් තිබූ බවට පිළිගැනීම සහ ඔවුන් හමුදා බුද්ධි අංශවලින් වේතනයක් ලබා ගත් බව කියා සිටීමෙන් ද ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බයක් පුපුරුවා හැරීමට පැමිණි ජමීල් නැමැත්තා ගැන එම අංශය දැන සිටියා පමණක් නොව එදිනම සිය බෝම්බය දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලය තුළ පුපුරුවා ගන්නට ප්‍රථම ඔහු සොයා ඔහුගේ නිවසට යාමට හමුදා බුද්ධි අංශ ක්‍රියාකිරීම පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් සනාථ වීමෙන් ද බුද්ධි අංශ මෙම ප්‍රහාරය කළ අය ගැන ද ප්‍රහාරයේ වත ගොත ගැන ද කලින් දැන සිටි බවට සනාථ වීමෙන් ද ඔවුන් මෙය වළක්වා ගැනීමය කටයුතු නොකලේ ඇයි දැයි අපට බරපතල ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. 

2019 නොවැම්බර් මස පවත්වන ලද ජනාධිපතිවරණයේ දී රටේ ආරක්ෂාව සහතික කරන බවට පොරොන්දුවන අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා රට තුළ කැළඹිලි ඇති කර ජනතාව එකිනෙකා කෙරෙහි බිය ගැන්වීත් ඒ තුළින් එක් අපේක්ෂකයෙකුට ඒ තුළික් එක් අපේක්ෂකයෙකුට වැඩි වාසියක් අත් කර දීමටත් මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබුණු තොරතුරු එවකට බලයේ සිටි ජනාධිපතිතුමා මෙන්ම බුද්ධි අංශ සහ පොලීසිය හිතාමතාම ජනතාවගෙන් සඟවා එම ප්‍රහාරය වැළැක්වීමට දරණ ලද සියළු උත්සාහයන් පරදවා ප්‍රහාරකරුවන් වන්නට යන දේ ගැන දැන දැනත් ඔවුන් ඉඩ සලසා දෙමින් ජාතීන් කොටවමින් එක් පාර්ශවයකට බලය අත් කර දීමට බුද්ධි සහ පාලකයින් කටයුතු කළෝය යන අදහස මේ තුළ ගැබ්ව තිබෙනවා

සහරාන් සහ එම පිරිසගේ හිංසාකාරී ත්‍රස්ත නැඹුරුව ගැන දැනගන්නට ලැබුණත් එම කණ්ඩායම අත් අඩංගුවට ගැනීමට ඉඩ නොදී ඔවුන් අත් අඩංගුවට ගැනීමට ගිය නිලධාරීන් බොරු චෝදනා මත හිර භාරයට ගෙන එය වළක්වා ප්‍රහාරයට හසුවීමෙන් තමන් පමණක් ආරක්ෂා වීමට රහසිගත ලිපියක් මඟින් නිලධාරීන් තම තමන් අතරේ ආරක්ෂාව සලසා ගත් අයුරුත් ප්‍රහාරයේ මිය ගිය සහ තුවාල ලැබූවන් ගැන කිසිදු තැකීමක් නොකල අයුරුත් ඉතාම පිළිකුල් සහගත ලෙස මෙහි දී හුවා දැක්විය යුතුයි. එලෙසම ජනාධිපතිවරණ වේදිකාවේ දී තමන් පාස්කි ප්‍රහාරය පිළිබඳව අවංකව සත්‍ය සොයා යුක්තිය ඉ‍ටුකරන බව වේදිකා මත මොරදෙමින් ඡන්දයට ගිය අද රට පාලනය කරන නායකයා බලයට පත් වූ පසු එම පොරොන්දු සියල්ල පසෙකලා ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් බොහෝ කරුණු යටපත් කරමින් එම නිර්දේශ සියල්ල ඉ‍ටු නොකොට ඒක පාර්ශ්වික අයුරින් ඇතැම් කරුණු වසංකරවීමට ක්‍රියාත්මක වෙමින් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍ය හෙළිදරව් වීම වළක්වමින් මේ වන තුරුත් ගෙන යන වැඩපිළිවෙල අපි ප්‍රතික්ෂේප කර හෙළා දකින බවත් මියගිය මිනිසුන්ගේ ද තුවාල වූ අයගේ ද දුක් අඳෝනා අහසට මොර දෙන බැවිම් මේ මහා අපරාධයට සම්බන්ධ සියළු දෙනාට වැඩි කල් නොයා තමන් කළ පාපයට ප්‍රතිපල අත් විඳීමට සිදුවන බවත් මම තරයේ විශ්වාස කරමි"




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu