වර්තමාන දේශපාලන අර්බුදයේ දී ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී සියළුම ආසන සංවිධායකවරුන් සහ කළමනාකරුවන් මෙලෙස ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව පවසා තිබෙනවා.
කෙසේ වෙතත් එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ මෙය ආණ්ඩුවෙන් ඉවත් වීමට උචිත අවස්ථාවක් නොවන බවත් අවශ්‍ය වේලාවේ දී ඉවත් වීම සිදු කරන බවත් ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් හෙට සවස 4ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.