gossiplanka alexa දෙමළ ජාතික සන්ධානයෙන් කරුණු පහක් සාකච්ඡාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දෙමළ ජාතික සන්ධානයෙන් කරුණු පහක් සාකච්ඡාවට

ඊයේ  (25) පෙරවරුවේ දී ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය සාකච්ඡාවක් පැවැත්වූවා. “රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු” යැයි ජනාධිපතිවරයා එහිදී දෙමළ සන්ධානය සමඟ පවසා තිබෙනවා.

එක් ව කටයුතු කිරීමෙන් උතුරු - නැගෙනහිර ඇතුළු රටේ සමස්ත ජනතා අරමුණු ඉටු කර, රට සංවර්ධනය කරා ගෙන යා හැකි බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

එක්සත් ශ්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමඟින් රට සෞභාග්‍යය කරා යාම තම අපේක්ෂාව බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සඳහන් කර තිබෙන අතර රටක් ලෙස අප එකතු විය යුතු බවත් එක රටක්, එක ජාතියක් ලෙස ක්‍රියා කරමින් පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම බවත් පවසා තිබෙනවා. ශ්‍රී ලංකාව පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත් වනු දැකීමට තමන් කැමැත්තෙන් පසුවන බව ඔහු වැඩි දුරටත් පවසා ඇති බව සඳහන්.

මෙම සාකච්ඡාවේ දී අවධානයට යොමු කෙරුණු කරුණු

  • දීර්ඝ කාලයක් අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ සිටින පිරිස් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර, 
  • දීර්ඝ කාලයක් වගා සඳහා යොදා ගත් ඉඩම් ඒ සඳහා නිදහස් කිරීම, 
  • අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම, 
  • නව ව්‍යවස්ථාව දෙමළ සහ සිංහල භාෂාවන්ට පරිවර්තනයෙන් පසු ඊට එක් විය යුතු සංශෝධන සාකච්ඡා කිරීම, 
  • උතුරු - නැගෙනහිර සංවර්ධන අරමුදලක් පිහිටුවීම





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu