අත්‍යාවශ්‍ය ආහාර ආනයනය කරන සමාගම් සහ පුද්ගලයන් වෙත මූල්‍ය ආයතන විසින් ණයවර ලිපි නිකුත් කිරීම සීමාසහිත කර තිබෙනවා. එම තත්ත්වය යටතේ ගෙවීම් කිරීම දිගින් දිගටම කල් දැමීමට සිදුවීම නිසා ඇණවුම් කළ භාණ්ඩ සහිත එම බහාලුම් නිදහස් කර ගැනීමට නොහැකි වී කොළඹ වරායේ ගොඩගැසී තිබෙන බවයි සඳහන් වන්නේ.
සහල්, සීනි, කඩල, මිරිස්, කරවල, කොත්තමල්ලි සහ පරිප්පු වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක් මෙසේ ගොඩ ගැසී ඇති බවත් ඒවා නිදහස් කර ගැනීමට ණයවර ලිපි නිකුත් කිරීමට රාජ්‍ය මූල්‍ය ආයතනවලට වහාම නියම කරන ලෙසත් අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.