gossiplanka alexa හිටපු ජනාධිපතිට එරෙහි පාස්කු ප්‍රහාර නඩු සියල්ල විභාගයට නියෝග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු ජනාධිපතිට එරෙහි පාස්කු ප්‍රහාර නඩු සියල්ල විභාගයට නියෝග

පාස්කු ප්‍රහාරය පිළිබඳව සියළු තොරතුරු කල් තබාම ලැබී තිබියදීත් එකල උපරිම බලය හිමි තැනැත්තා ලෙස ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමේ චෝදනාව මත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩු 109ක් පවරා තිබුණා. එම නඩු වලින් ඉල්ලා ඇත්තේ ප්‍රහාරයෙන් මියගිය තම ඥාතීන් සහ වින්දිතයින් වෙනුවෙන් වන්දි ගෙවන ලෙසයි. 

එම නඩු 109ම විභාගයට ගැනීම අත් හි‍ටුවන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකල අභියාචනාවසර පෙත්සම් ඊයේ (09) කැඳවා තිබූ අතර එහි දී බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළේ එම නඩු 109ම දිගටම විභාගයට ගන්නා ලෙසයි. 

සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙක්ගෙන් සැදුම් ලත් ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් එය ඒකමතිකවම නියම කරනු ලැබුවා. 

තමන්ට එරෙහිව පවරා ඇති මඩු විභාග 109ම විභාගයට ගැනීම අත් හි‍ටුවමින් තමන් එකි චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කරන නියෝගයක්, කොළඹ දිසා අධිකරණයට නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාවසර පෙත්සම් 109ක් ඉදිරිපත් කර තිබුණා. 

දිසා අධිකරණ නඩු විභාගය අත් හි‍ටුවමින් තමා නිදොස් කොට නිදහස් කරන ලෙසට කරන ලද ඉල්ලීමට අදාළව අතුරු නියෝගයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ විනිසුරු මඬුල්ල එකී නඩු නියමිත පරිදි විභාග වෙද්දී මෙම අභියාචනා අවසර පෙත්සම් විමසුමද පවත්වාගෙන යෑමට විනිසුරු මඬුල්ල තීරණය කළ අතර ජූලි මස 15 වන දින පෙත්සම් විමසුම ආරම්භ කිරීමට දින නියම කළා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu