gossiplanka alexa කොරෝනාවට සමාන ජීව අවියක් ගැන රුසියාවෙන් හෙළිදරව්වක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනාවට සමාන ජීව අවියක් ගැන රුසියාවෙන් හෙළිදරව්වක්

යුක්‍රේනයේ සපොරෙෂියා න්‍යෂ්ටික බලාගාරයට ආසන්නයේ ස්ථාපිතව තිබූ ජීව අවි පර්යේෂණාගාරයක් තුළ කොරෝනාවට සමාන වැඩි දියුණු කරමින් පැවති වෛරසයක් සොයා ගැනීමට හැකිවී තිබෙන බව රුසියානු බුද්ධි අංශ වාර්තා කරනවා.

එසේම මෙම වෛරසයට අදාළ පර්යේෂණ සිදු කිරීම සඳහා අමෙරිකානු රජය විසින් යුක්‍රේනයට අරමුදල සපයා තිබෙන බව ද මොස්කව් බුද්ධි අංශ ප්‍රධානීන් රුසියන් ජනාධිපතිවරයාට දන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එසේම එම බුද්ධි අංශ සොයා ගෙන ඇති තවත් කරුණක් වන්නේ යුක්‍රේනය විසින් න්‍යෂ්ටික අවි නිපදවිය හැකි මූල්‍යද්‍රව්‍යයන් එක් ‍රැස් කරමින් සිට ඇති බවයි. 

යුක්‍රේනයේ ජීව අවි පර්යේෂණාගාර 30ක් ස්ථාපිතව තිබෙන බවත් ඒවායේ ඇන්ත්‍රැක්ස්, කොලරාව සහ ප්ලේග් වැනි භයානක රෝග කාරක දියුණු කර ඇති බවත් රුසියන් බුද්ධි අංශ විසින් අනාවරණය කර ගෙන තිබෙනවා. එසේම ඒ සඳහා ඇමරිකාවේ පූර්ණ අධීක්ෂණය පැවති බව ද බුද්ධි අංශ විසින් හෙළිකරගෙන තිබෙනවා. 

මේ අතර යුක්‍රේනය සතුව ඇති මෙම ජීව අවි පර්යේෂණාගාර රුසියානු හමුදා අතර පත් නොවීමට කළ හැක්කේ කුමක්දැයි යන්න පිළිබඳව අමෙරිකාව යුක්‍රේනය සමඟ සාකච්ඡා කරමින් ඇති බව පැවසෙනවා. එම පර්යේෂණාගාර රුසියන් හමුදාව යටතට පත් වේ යැයි බියක් ඇති බව අමෙරිකානු දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් සෙනට් මණ්ඩලය දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu