gossiplanka alexa ගල් අඟුරු හිඟයෙන් පැය 15ක විදුලි කප්පාදුවක් සිදුවෙයි ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගල් අඟුරු හිඟයෙන් පැය 15ක විදුලි කප්පාදුවක් සිදුවෙයි ද ?

ඉදිරියේ දී විදුලිය නිපදවීමට අවශ්‍ය ගල් අඟුරු හිඟයක් ඇති විය හැකි බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසා තිබෙනවා. ගල් අඟුරු ආනයනය කිරීමට වෙන් කර ඇති මුදල් ඉන්ධන ආනයනයට යොදා ගැනීමට සූදානමක් ඇති බවත් ඒ හේතුවෙන් ගල් අඟුරු ගෙන්වීමට නොහැකි වීම නිසා මෙම හිඟය ඇති වනු ඇති බවත් එහි දී පෙන්වා දී තිබෙනවා.

අප්‍රේල් මාසය වීමට පෙර ගල් අඟුරු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබෙනවා. යම් හෙයකින් අප්‍රේල් මාසයට පෙර ගල් අඟුරු ගෙන්වීමට නොහැකිවුවහොත් ඉන්පසු පැමිණෙන වාරකන් කාලයේ දී කිසිදු ගල් අඟුරු නැවක් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වනවා. 

එම නිසා ඉදිරි සති කිහිපය තුළ අනිවාර්යයෙන්ම ගල් අඟුරු ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවයි ආරංචි මාර්ග පවසා ඇත්තේ. 

යම් හෙයකින් ගල් අඟුරු හිඟයක් මතුවුවහොත් එමඟින් විදුලි නිෂ්පාදන බලාගාර අක්‍රිය වී පැය 15ක පමණ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි තොරතුරු වාර්තා වී ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu