gossiplanka alexa රාජ්‍ය ඇමතිවරයෙක්ට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය ඇමතිවරයෙක්ට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක්

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කනක හේරත්ට ගෑස් පෝලිමේ සිටි ජනතාව විසින් සිලින්ඩරයකින් පහර දී තිබෙන බව වාර්තා වනවා. 

එම සිදුවීම සිදුවී ඇත්තේ කෑගල්ල, රන්වල, අලුත්පාර හන්දියේ ගෑස් බෙදාහැරීමේ ආයතනයක අලෙවි සැල ඉදිරියේ දීයි. කනක හේරත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් නියෝජිතයා ද වන අතර මෙම බෙදාහැරීමේ ආයතනයද පවත්වාගෙන යනු ලබන්නේ ඔහු විසින් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

රාජ්‍ය ඇමතිවරයා මෙම ස්ථානයට පැමිණෙමින් සිට ඇති අතර  ජනතාව පෝලිමේ රැඳී සිටිනු දැක ඇති ඔහු එහි නතර නොවී ඉදිරියටම සිය රථය ධාවනය කර තිබුණා. එම අවස්ථාවේ රාජ්‍ය ඇමතිවරයා දැක ඇති ගෑස් පෝලිමේ රැඳී සිටි පිරිස ඔහුගේ රථයට පහරදී තිබෙනවා. ඔවුන් සිය අතේ තිබූ ගෑස් සිලින්ඩර වලින්ද පහරදී තිබෙන අතර පසුව ජනතාව එම ස්ථානයේ පාර හරස් කර විරෝධාතාවකද නිරතව වූ බවට සදහන්.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu