gossiplanka alexa මෛත්‍රීගේ පැජට් පාරේ ගෙදරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෛත්‍රීගේ පැජට් පාරේ ගෙදරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නිල නිවස ලෙස භාර දී තිබූ කොළඹ 07 පැජට් පාරේ පිහිටි නිවස සහ තවත් නිවාස ගොඩනැගිලි හා ඉඩම ඔහු තනතුරෙන් ඉවත්ව යාමෙන් පසුව ද තමාටම හිමිකර ගැනීමේ අරමුණින් ඔහුගේම ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල ‍රැස්වීකමදී අනුමත කර ගනු ලැබූ "අමාත්‍ය මණ්ඩල තීරණය" ක්‍රියාත්මක වීම අත් හි‍ටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) අතුරු තහනම් ආඥාවක් නිකුත් කර තිබෙනවා. 

මෙම කැබිනට් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු විසින් අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා. පෙත්සම් පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වා සිටි නීතිඥවරයා කරුණු දක්වමින්,

තමාගේම ප්‍රධානත්වයෙන් වූ අමාත්‍ය මණ්ඩල ‍රැස්වීමක දී තම වාසියට අදාළ වන මෙම තීන්දුව ලබාගෙන ඇත්තේ 2019 ඔක්තෝබර් මස 15 වන දින තම බලය ගිලිහෙමින් තිබූ මොහොතකදී බවත් එය ජනාධිපති වරප්‍රසාද අයුතු ලෙස භාවිතා කිරීමක් බවත්,

මෙම නිවස තමාට හිමිකර ගැනීම සඳහා කටයුතු කර ගැනීමට පමණක් නොව එම නිවාස දේපොළ සංවර්ධනය කර ගැනීම සඳහා රජයේ මහජන මුදල් රුපියල් කෝටි 18ක් (රුපියල් මිලියන 180ක්) වැය කිරීම බරපතල විෂමාචාරයක බවත් පෙන්වා දී තිබුණා. 

එසේම මෙම ක්‍රියාපටිපාටිය මඟින් වග උත්තරකාර හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් රටේ සමස්ත පුරවැසියන් හට සහතික කොට ඇති ' සමාන ලෙස සැලකිලි ලැබීමේ" මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශ කරන ලෙස ද නීතිඥවරයා විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා තිබෙනවා. 

ඒ අනුව මෙම අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන අවසන් කර එහි තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක්ම ක්‍රියාත්මක වන පරිදි ඉහත අතුරු ආඥාව පනවනු ලැබුවා. පෙත්සම යළි මැයි මස 18 වන දින කැඳවීමට නියමිතයි. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu