gossiplanka alexa කෙරවලපිටිය විදුලි බලාගාරයත් වැසේ, විදුලි විසන්ධිවක කාල සීමාව වැඩිවෙනවා ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කෙරවලපිටිය විදුලි බලාගාරයත් වැසේ, විදුලි විසන්ධිවක කාල සීමාව වැඩිවෙනවා ද ?

ජල විදුලිය නිපදවන විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහත යන මෙවන් අවස්ථාවක ඉන්ධන හිඟය නිසා කෙරවලපිටිය විදුලි බලාගාරයේ ද විදුලි ජනන කටයුතු නතර කිරීමට සිදුව තිබෙනවා. 

දැවි තෙල් නොමැති වීම හේතුවෙන් මෙලෙස මෙම බලාගාරය වසා දැමීමට සිදු වූ බවයි පැවසෙන්නේ. 

දින කිහිපයකට පෙර සපුගස්කන්ද තෙල් පිරිපහදුව ද වසා දැමුනේ පිරිපහදු කිරීමට බොරතෙල් නොමැති වීම හේතුවෙන්. ජල විදුලිය නිපදවීමට බාධා මතුව තිබීම සහ මෙලෙස කෙරවලපිටිය බලාගාරය ද අක්‍රිය වීම හේතුවෙන් ඉදිරියේ දී විදුලිය කප්පාදුකරන කාල සීමාව තව දුරටත් දීර්ඝ වීමේ අවදානමක් මතු විය හැකි බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසා ඇත්තේ.

කෙසේ වෙතත් විදුලිබල උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහතික වී ඇති බැවින් ලබන සතියේ විදුලිය විසන්ධි වන කාලසීමාවේ වැඩි වීමක් සිදු නොවන බවයි මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu