gossiplanka alexa පෙම්වතියගේ ගෙල මිරිකා කැළණි ගඟට දැමූ පෙම්වතාගේ පාපොච්ඡාරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පෙම්වතියගේ ගෙල මිරිකා කැළණි ගඟට දැමූ පෙම්වතාගේ පාපොච්ඡාරණය

"මේ සැකකරුටත් වයස අවුරුදු 22යි. මරා දැමූ ගැහණු ළමයටත් වයස 22යි. මේ දෙන්නා කසාද බඳිනවට ගෑණු ළමයාගේ පැත්තෙන් කැමැත්තක් තිබුණා. ගෑණු ළමයයි මේ පුද්ගලයයි දෙන්නම මේ වන විට රස්සාවල් කරනවා. මෙයා හිතුවා එයාට වෙන සම්බන්ධකම් තියනවා කියලා. ගෑණු ළමයත් දන්නවා මෙයාටත් වෙනත් සමබන්ධ තියනවා කියලා. ඔය ප්‍රශ්න නිසා දෙන්නා අතර ආරවුල් තිබුණා.

මිනිහා එදා මේ ගෑණු ළමයා අරගෙන ගියේ එයාගේ කටින්ම මේ දේවල් දැනගන්න. එදා වුණු හැම කතාබහක්ම මේ කොල්ලා ටේප් කරලා තියනවා. මේයා රණ්ඩුවෙලා කෙල්ලගේ බෙල්ල මිරිකලා තිබුණා. ඒත් මෙයා ඒ කිසිම දෙයක් නොකළ බවට තමයි දවස් දෙක තුනක් ම රඟපෑවේ. ඒත් අපරාධයක් කරලා හැංගෙන්න බැහැනේ සේරම කෙල්ලගෙ පිටට දාලා මිනිහා නිවැරදි පුද්ගලයෙක් කියලා පෙන්නන්නයි හැදුවේ. අන්තිමට සේරම හෙළි වුණා. තරුණ ජීවිත දෙකක්ම නැති වුණා"

පෙම්වතියගේ ගෙල මිරිකා ඇගේ සිරුර කැළණි ගඟට දැමූ තරුණයා පිළිබඳ කතාව මේ වන විට සමාජයේ කතා බහට ලක්ව ඇති මාතෘකාවක්. සැකකාර තරුණයා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු සිදු කළ පාපොච්චාරණය අනුව ඝාතනයේ සුල මුල දිගහැරෙන්නේ මෙසේය. 

සැකකරු සහ මියගිය තරුණිය වන නදීෂා සංදීපනී කුඩා කල සිටම එකට හැදී වැඩී දැන හඳුනාගත් අය වන අතර ඔවුන් සේදවත්ත ප්‍රදේශයේ දහම් පාසලක ඉගෙනුම ලබා ඇත්තේ ද එකටය. මෙම සම්බන්ධයට සංදීපනීගේ දෙමව්පියන් සිය කැමැත්ත පළකර තිබුණා. සංදීපනී මෙන්ම ඇගේ සොහොයුරා ද සැකකරුගේ නිවසට යාම් ඊම් ද සිදුකර තිබුණා. සංදීපනීද සිය පෙම්වතා විවාහ කර ගන්නා අරමුණින් ඉතා ළඟින් ඇසුරු කර තිබෙනවා. ඔවුන් වයස අවුරුදු 17 සිට පෙම්වතුන් සේ කාලය ගත කර තිබුණා. 

සැකකරුගේ පියා පොලිස් නිලධාරියෙක් වන අතර ඔහු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් පොලිස් රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිනවා. එනිසා ඔහුගේ මව සහ සොහොයුරිය පියාට සාත්තු සප්පායම් කිරීමට සහ ඔහු දැක බලා ගැනීමට පහසු වන පරිදි මෝදර ප්‍රදේශයේ ඥාති නිවසක නැවතී සිටින අතර තරුණයා බෙම්මුල්ල දොරණෑගොඩ ප්‍රදේශයේ මහගෙදර සිටින්නේ තනිවමයි. 

සැකකරුගේ ප්‍රකාශයට අනුව සංදීපනී ඔහුට අමතරව තවත් පෙම්වතුන් සමඟ ද සබඳකම් පවත්වා තිබෙනවා. ඔහුගේ කීම මත ඇය විසින් ඒවා නතර කර තිබෙන බව ද ඔහු ප්‍රකාශ කර තිබුණා.  එහෙත් මෑතක දී ඇති කර ගත් තවත් ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව තරුණයා සිට ඇත්තේ සැකයෙන්. 

ඒ සම්බන්ධයෙන් කතා කිරීමට තරුණයා සංදීපනීව මුණ ගැසීමට තැත් කලත් සංදීපනී ඒ හැම අවස්ථාවක්ම මඟ හැර තිබෙනවා. පසුව පසුගිය 16 වන දින ඇය ඔහු හමුවීමට කැමැත්ත පළ කර ඇති අතර ඇය ඔහු සමඟ ඔහුගේ මෝටර් රථයෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ පිළිබඳව ඇයගේ මව ද දැන සිටියා. 

තරුණයාට සංදීපනීව අවන්හලකට ‍රැගෙන යාමට අවශ්‍ය වුවත් ඇය ඊට බලවත් අකමැත්ත ප්‍රකාශ කල හෙයින් තරුණයාගේ පෙ‍රැත්ත මත ඇය ඔහුගේ නිවසට කැඳවා ගෙන ගොස් තිබුණා. එහිදී සංදීපනී පවසා ඇත්තේ තමන්ට ඉක්මණින් ආපසු යාමට අවශ්‍ය බවයි. එහි දී තරුණයා සංදීපනීගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර ඇය සියළු චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහි දී ඇති වූ ආරවුල අවසන් වූයේ ඔහු ඇයගේ ගෙල සිරකොට මරා දැමීමෙන් අනතුරුවය. 

මේ අතර සංදීපනීගේ ජංගම දුරකතනය කොහේ හෝ වැටී ඇති බව දැනගත් තරුණයා එයට දුරකතන ඇමතුමක් ලබා ගෙන තිබෙනවා. නමුත් එයට පිළිතුරු ලබා දී ඇත්තේ සංදීපනීගේ සොහොයුරායි. සංදීපනීගේ දුරකතන අංකය සොහොයුරාගේ අංකයට "ඩයිවර්ට්" කර තිබුණා. දුරකතන ඇමතුමට ප්‍රතිචාර දැක්වූ සංදීපනීගේ සොහොයුරාගෙන් සැකකාර තරුණයා විමසා ඇත්තේ "අක්කා කෝ" යනුවෙනි. එවිට සොහොයුරා පවසා ඇත්තේ "අක්කා තාම ගෙදර ආවේ නැහැනෙ" කියායි. එවිටම සැකකාර තරුණයා "මම අක්කව පාලම ගාවින් ගෙනත් බැස්සුවා. දැන් ගෙදර එන්න වෙලා ඇති" යනුවෙන් පවසා තිබෙනවා. නමුත් ඒ වන විටත් ඔහු විසින් තරුණිය මරා දමා තිබුණා. 

සංදීපනී ගැන විමසා ඉන්පසු ඇයගේ මව ඔහුගේ දුරකතනයට දිගින් දිගටම කතා කරද්දී ඔහු පවසා තිබුණේ "අම්මේ මම එයාව කැළණි පාලම ළඟින් බැස්සුවා. දැන් ගොඩක් වෙලානෙ. එතැන ඉඩහ්න් ත්‍රී වීල් එකකින් ගෙදර යන්නම් කියලත් කිව්වා" යනුවෙනි. 

සැකකරු එසේ කීව ද ඔහු මියගිය තරුණිය යළි නැගි‍ටුවන්නට දැඩි උත්සාහයක යෙදී සිටියා. ඇය ප්‍රකෘති තත්ත්වයට පත් නොවූ බැවින් බිය වූ තරුණයා සී.සී.ටීවී කැමරා ඔස්සේ තමන් අනිවාර්යයෙන්ම පොලීසියට කො‍ටු වේ යැයි බියෙන්  පසු වූවා. ඉන්පසුව ඔහු සිතූයේ මිනිය සොයා ගැනීමට නොහැකි වන ලෙස කැළණි ගඟට විසි කිරීමටයි. වහාම ක්‍රියාත්මක වූ ඔහු සංදීපනීගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සිය මෝටර් රථයේ දමාගෙන ගොස් සේදවත්ත වේරගොඩැල්ල ප්‍රදේශයේ දී කැළණි ගඟට විසි කර දැමූවා. 

ඉන්පසු ඔහු සංදීපනීගේ මව හමුවීමට ගොස් තිබෙනවා. එහිදී ද මවට පවසා ඇත්තේ ඇයව කැළණි පාලම ළඟින් බැස්සවූ බවයි. පසුව ඔහු සංදීපනීගේ මවත් සමඟ ගොස් ඇයගේ අතුරුදහන් වීම පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ පැමිණිල්ලක් දමා තිබුණා. 17 වන දා තෙක්ම සංදීපනී පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් ඇගේ මව නැවතත් පොලීසියට ගොස් ඉල්ලා තිබුණේ තම දරුවා සොයා දෙන ලෙසයි. අවසානයේ සංදීපනීගේ අතුරුදහන් වීම පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇයගේ පෙම්වතා වූ සැකකාර තරුණයා පොලීසියට කැඳවා තිබුණා. 

එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා තරුණයාට පවසා ඇත්තේ සංදීපනීව අවසන් වරට ගෙනත් බැස්සවූ තැන තමන්ට පෙන්වන ලෙසයි. ස්ථානාධිපතිවරයා තරුණයාව ද ජීප් රියට දමාගෙන කැළණි පාලම දෙසට ගමන් කරන අතර තුර සිය පරිණත දැනුම ද උපයෝගී කරගෙන තරුණයාගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගෙන තිබෙනවා. 

"තමන් අපට මොන බොරු කිව්වත් මේ පැත්තේ සීසීටීවී කැමරා චෙක් කලාම සේරම මාට්‍ටු වෙනවා. ඒ නිසා ඇත්තේ කියන එක තමයි හොඳම දේ." ස්ථානාධිපතිවරයා සැකකාර තරුණයාට එලෙස කී විට ඔහු තවත් බිය වී සියල්ල පාපොච්ඡාරණය කර තිබෙනවා. 

සැකකාර තරුණයා මෙතෙක් සඟවාගෙන සිටි සත්‍යය පොලිස් ස්ථානාධිපතිවයාට පවසා තිබූ අතර සිය පෙම්වතියගේ සිරුර කැළණි ගඟට දැමූ ස්ථානය ද පෙන්වා තිබුණා. 

ඉන්පසු සැකකාර තරුණයා නැවත පොලිසීය වෙත ‍රැගෙන ගොස් ඇති අතර කාන්තා මළසිරුරක් හමුවේදැයි සොයා බැලීමට වැල්ලම්පිටිය පොලීසිය ද දැනුවත් කරන්නට වුණා. එහිදී අනාවරණය වූයේ නාදුනන මළ සිරුරක් කැළණි ගඟේ තිබියදී සොයා ගත් බවත් එම සිරුර හඳුනාගැනීම සඳහා ඒ වන විටත් මෘත ශරීරාගාරයේ තබා ඇති බවත් ය. ඉන්පසු තරුණියගේ මව සහ ඥාතීන් දැනුවත් කිරීමෙන් පසුව ඔවුහු මෘත ශරීරාගාරයට ගොස් ඉදිමී නරක් වී තිබූ සංදීපනීගේ මළ සිරුර ඇය හැඳ සිටි ඇඳුමෙන්ම හඳුනාගෙන තිබුණා.

ආශ්‍රිත : මව්බිම





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu